අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ආචාර්ය ධර්ම පද්ධතිය එළිදැක්වේ

    අගෝස්තු 25, 2016
    ජාතික පොලිස් කොමිසම මගින් නිකුත් කළ පොලිස් නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ආචාර්ය ධර්ම පද්ධතිය ඊයේ (24) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී එළිදැක්විණි. 
     
    මෙම උත්සවය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    පොලිස් සේවයේ සියලු කටයුතු සොයා බැලීම වෙනුවෙන් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික පොලිස් කොමිසම පිහිටුවා ඇත.
     
    නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර,  ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya