අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

    ජූලි 24, 2016

    ගාල්ල මහින්ද විද්‍යාලයේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුවන සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් ලෙස ඉදිවන තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම ආදි මහින්දීයන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.


    මහින්ද විද්‍යාලයේ සංවර්ධන වැඩ කටයුතු සදහා රුපියල් මිලියන සියයක් මේ වන විට වෙන් කර තිබෙන අතර තෙමහල් ගොඩනැගිල්ල වසරක් තුළදී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

    මීට අමතරව පාසලේ ක‍්‍රීඩා පිටිය සංවර්ධනය කර නව ක‍්‍රීඩාගාරයක් ඉදිකිරීමටද නියමිත අතර මූලික සැලසුම් මේ වන විට අවසන් කර ඇත.

    නව තෙමහල් ගොඩනැගිල්ල පාසලේ 125 වැනි සංවත්සර උත්සවයට සමගාමීව විවෘත කිරීමටද සැලසුම් කර තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසුවේය.

    මුදල් අමාත්‍යංශය මගින් මහින්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ දාහක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා. තවත් මුදල් අඩුපාඩු ඇතිනම් එ් සදහා මුදල් ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙනවා.

    මම මහින්ද විද්‍යාලයට පැමිණෙන්නේ ජනප‍්‍රිය පාසල් විභාගයට පෙනී සිටීමෙන් පසුවයි. මා සමග එක පන්තියේ ඉගෙනුම ලැබූ නිහාල් සෝමරත්න ගණිතය අංශයෙන් ලංකාවේ වැඩිම ලකුණු ලැබූ සිසුවා වුනා. ඔහු තැබූ වාර්තාව අදටත් සම කිරීමට කාටවත් හැකියාව ලැබී නැහැ.

    සිංහල බෞද්ධ පදනම මත  ඕල්කොට්තුමාගේ, වුඞ්වඞ්තුමාගෙන් ලැබුණ ආභාශය අපිට අමතක කරන්න බැහැ. අපි පාසලේ ඉගෙනුම ලබන කාලයේ විවාද කණ්ඩායමේ සිටියා. සාහිත්‍ය කණ්ඩායමේ සිටියා. මළල ක‍්‍රීඩා කළා. අපි අද ලබා තිබෙන සාර්ථකත්වයට හේතු වුණේ ඒ  ආභාශයයි. පාසල් කාලයේදී ඉගෙනීම අපේ මූලික ඉලක්කයයි. ඉගෙනුම ලබනවා වගේම බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදෙන්න  ඕන. එවිට තමයි අපිට සමාජ අත්දැකීම් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ.අදත් පාර්ලිමේන්තුවේ කොතරම් කල බැගෑනි ඇතිවුනත් මම වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින්නේ නැතිව ඉන්නේ එදා මහින්දයෙන් මට ලැබුණ ආභාශය නිසයි. විදුහලින් ලැබෙන පන්නරය නිසා තමයි අපේ ජීවිතය හැඩගැසෙන්නේ. අපි උදේට පාසල් ඇවිත් පංතියට යන්නේ සිරීපාදය බලලායි. එ් ආශිර්වාදය හැමදාම අපිට ලැබෙනවා.

    මහින්දයේ ආදි සිසුවෙක් කොතැනකදී හමුවුනත් අපිට දැනෙන්නේ සහෝදර හැගීමක්. ලෝකයේ වැඩිම ශිෂ්‍යයින් සිටින පාසල වෙන්නේ කොළඹ රාජකීය විද්‍යලයයි. එ්ත් රාජකීය විද්‍යාලයට මහින්ද විද්‍යාලයට තරම් පෞඩත්වයක් ලැබෙන්නේ නෑ. මගේ දරුවන් රාජකීය විද්‍යාලයට ගියත් මම ආදරේ මහින්දයට. රාජකීය විද්‍යාලයේ ඉන්න ආදි ශිෂ්‍යයින් ගැන මගේ දරුවන් කතා කරන විට මම කියන්නේ රට දුවන්නනම් මහින්දයේ ආදි ශිෂ්‍යයින් අවශ්‍යයි කියලයි.මහින්ද විද්‍යාලයට කළ හැකි දේ අපි එක්වී කරනවා. මහින්දයේ 125 වැනි සංවත්සරයට සමගාමීව අපිට කළ හැකි උපරිමය කිරීමට කටයුතු කළ යුතු ආකාරය ගැන මම විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග  සාකච්ඡා කළා. 


    විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    අප අධ්‍යාපනය ලැබූ මහින්ද විද්‍යාලය අපි හැමෝගේම දෙවැනි අම්මා වගේ. ආදරය නිසා තමයි අපි මහින්දයට මේ හැම දේම කරන්නේ. පාලස් කාලයේදී වේම දැනුත් අපි අපේ පාසලේ කීර්ති නාමය ඉහළ නැංවීමට අපි කැපවී කටයුතු කරනවා. අපි ආණ්ඩුවේ ඇමැතිධූර ලබාගෙන කටයුතු කරන විට රජයක් ලෙස අපේ පාසල වෙනුවෙන් කළ හැකි දේ කිරීමට අපි කටයුතු කරනවා. පාසලේ දියුණුව වෙනුවෙන් ලබාදිය හැකි රාජ්‍ය අනුග‍්‍රහය උපරිමයෙන් ලබාදෙනවා.

    අපි ඇමැතිධූර ලබාගෙන ජනතාවට සේවය කිරීමේදී පාසල අමතක කරන්නේ නැහැ. පසුගිය කාලයේදීත් රජයක් ලෙස කටයුතු කරන විට අපි මහින්ද විද්‍යාලය වෙනුවෙන් විශේෂ අනුග‍්‍රහයක් ලබාදුන්නා. මහින්ද විද්‍යාලය ලංකාවට පමණක් නොවෙයි දකුණු ආසියාවේම ඓතිහාසික වැදගත්කමක් ඇති පාසලක්. අප අධ්‍යාපනය ලැබූ   පාසලේ කීර්තිනාමය ඉහළ නැංවීමට අපි ඉදිරියේදීත් මීට වඩා වැඩි වැඩ කොටසක් කරනවා.


    මෙම අවස්ථාව සදහා විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන, ආදිශිෂ්‍ය සංගමයේ අතිරේක සභාපති නිශ්ෂංක ඈපාලියන, ආදි ශිෂ්‍ය සංගමයේ සම ලේකම්වරුන් වන රනත් විජේරත්න හා විශ්වනාත් අරඹවෙල යන මහත්වරුද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya