අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැල්ලේ දේවාල පුදබිම පූජා භූමියක් කිරීමට පියවර

    ජූලි 23, 2016

    ගාල්ලේ වැල්ලේ දේවාල පුදබිම පූජා භූමියක් කිරීමට පියවර  ගන්නා බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ඓතිහාසික වැල්ලේ  දේවාල වාර්ෂික ඇසල මංගල්‍ය පසුගිය ඇසළ පොහෝදා ආරම්භ වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැල්ලේ දේවාල පුදබිම පූජා භූමියක් ලෙස පත් කිරීමට රජය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවත් මෙහි පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතාම දියුණු තත්ත්වයට මේ වටපිටාව සකස් වෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya