අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ”මතින් නිදහස් රටක් ” හත්වන දිස්ත‍්‍රික් උත්සවය පුත්තලම දී

    ජූනි 29, 2016

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ හත්වන දිස්ත‍්‍රික් උත්සවය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ලබන මාසයේ 11 වන පුත්තලම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    මෙයට සමගාමීව දිස්ත‍්‍රික්කයේ පාසල් ළමුන් ,රාජ්‍ය නිලධාරීන්, වෙළඳ ව්‍යාපාරිකයින් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද ක‍්‍රියාත්මක කෙරේ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ඊයේ සිට ලබන මස 11 දක්වා ක‍්‍රියාත්මක කෙරෙන අතර සම්පත්දායකත්වය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගෙන් ලබා ගැනීමට තීරණය කර තිබේ. ජනාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ”මතින් නිදහස් රටක් ” මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබයි.

     

    මෙම වැඩසටහන් මාලාව පිළිබඳ අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ නිලධාරින් වන එච්. එම්. තිලකරත්න 0726575651 හා නීතිඥ සාගර ප‍්‍රියදර්ශන 0714393001 යන මහත්වරුන්ගේ දූරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya