මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට සෙවන නිවාස ණය චෙක්පත් 1000 ක් මහනුවරට

    ජූනි 29, 2016
     "සැමට සෙවන" නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්‍රදානය කිරීම හෙට  ප.ව. 2.00 ට නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ.
    මෙහිදී  රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුනහාමාරක් පමණ දක්වා වූ මුදල් ප්‍රතිලාභීන් වෙත පිරි නැමෙනු ඇත.
     
    "සැමට සෙවන" නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් 2500 කට මෙම ණය මුදල පිරි නැමීමට කටයුතු යොදා ඇති අතර, ඔවුන්ගෙන් දෙසිය දෙනෙකුට මීට පෙර ප්‍රථම අදියර යටතේ නිවාස ණය ප්‍රදානය කොට තිබේ. ඉතිරි පිරිසටද ඉදිරි මාසය තුළ නිවාස ණය පිරිනමා අවසන් කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya