අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ බරවා රෝගය හිස එසවීමේ අවදානමක්

    ජූනි 30, 2016
    ගාල්ලේ බරවා රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවත් බරවා රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම බෙහෙත් ඖෂධ ලබා ගැනීමට ප්‍රජාව දක්වන ඇල්මැරුණු උනන්දුව මෙම තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද අනාවරණය වේ.
    මෙම කරුණු අනාවරණය වුයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්ව්ණු ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදීය.  පසුගිය කාල සීමාවන් තුළදී දිස්‍ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන් නිසාවෙන් ජාතික වශයෙන් ගාල්ල ඩෙංගු අවදානම් කලාප තුළ නොපැවතීම සතුටට කරුණක් වූවත් අවදානමින් මිදී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සී සිරිතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    එමෙන්ම සෞඛ්‍ය සේවා සහ ප්‍රතිකාර වඩාත් ගුණාත්මක අගයක පැවතීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ මරණ කිසිවක් වාර්තා නොවන බවත් එය පොදුවේ රටේ ඇති වී තිබෙන යහපත් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිඵලයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. 
     
     
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya