මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික අංශය නවීකරණයට ව්‍යාපෘතියක්

    මැයි 28, 2016

    කෘෂි ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළඳපොළ ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම සහ සුළු පරිමාණ ගොවීන්ගේ සහ කෘෂි ව්‍යාපාර මඟින් සිදු කෙරෙන අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමේ අරමුණින් කෘෂිකර්මය නවීකරණය කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (IDA) විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් යොදා ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    කෘෂිකර්මාන්තයේ සමස්ත ඵලදායීතාව අතින් ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා පසුපසින් සිටින අතර, එය පසුගිය දශක කිහිපය තිස්සේ පෙන්වනු ලබන්නේ ඉතා අඩු වර්ධනයකි.

    ඒ සඳහා ගොවි ජනතාවගේ සහ රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා රටේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීමත්, ඉහළ අගයක් සහිත අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ගැළපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වී තිබෙන බැවින් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya