අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    මැයි 02, 2016
    ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත නොකරන ලද විවිධ ආයතන මගින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම විවිධ අයුරින් ක්‍රියාත්මක කරමින් පවතින අතර විශේෂයෙන් පිරමීඩාකාර යෝජනා ක්‍රම දකුණු පළාතේ බහුල වශෙයන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කර තිබේ.
    ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු පිරිසක් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    ගම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම හරහා පිරමීඩාකාර ජාවාරම් පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුම්වත් කිරීම මගින් එම ජාවාරම්වලට හසුවී තම මුදල් විනාශ කර ගැනීම වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.
     
    මෙහි සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ‍ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂක අරුණ විජේසිරි මහතා විසිනි.
    එහි දී 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පිරමීඩාකාර යෝජනා ක්‍රම  නීති විරෝධී වන බව සහ විනිමය පාලන පනතේ හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ මෙවැනි යෝජනාක්‍රම වලදී ගෙවීම් සහ ගනුදෙනු සිදුකෙරෙන ආකාරයන් ද තහනම් කර ඇති බව අවධාරණය කරන ලදි. මුදල්, භාණ්ඩ හෝ සේවා වශයෙන් කුමන ආකාරයකින් හෝ පිරමීඩාකාර ගනු දෙනු තහනම් වේ. 
     
    තහනම් යෝජනා ක්‍රම පිළිබඳව පුළුල් ලෙස දැනුම ලබා දුන් අතර පවුල් ඒකකයක් තුළ විධිමත් මූල්‍ය කළමනාකරණය සිදු කරන ආකාරය පිළිබඳව ද දැනුම්වත් කෙරිණි. 
     
    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී.විදානගමාච්චි මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියහ. 
     
    ඉදිරියේදී කෘෂිකාර්මික ජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් ආදී වශයෙන් නොයෙක් තරාතිරම්වල පිරිස් දැනුම්වත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීමට ද නියමිත ය.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya