අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය රැස් වේ

    මැයි 02, 2016
    ගාල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය විසින් ඉදිරි වර්ෂයට අදාල නිලධාරින් පත්කර ගැනීම සහ මාර්තු 08 පැවති ජාත්‍යන්තර කාන්තා දින නිමිති කොටගෙන වැඩසටහනක් වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රදානත්වයෙන් පසුගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    එහිදී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරිය,  ජාත්‍යන්තර කාන්තා දිනයට පමණක් අපට කාන්තාව මතක් වෙන්නෙ. සමානාත්මතාවය සහ සවිබල කාන්තාව සමගින් තිරසාර හෙටක් යන තේමාව ඔස්සේ මෙම ජාත්‍යන්තර කාන්තා දිනය මෙවරත් අපි සමරනවා. එහෙත් අපි කාලයක සිට බලාපොරොත්තු වන තිරසාර හෙට පිළිබඳව හිතේ සියුම් සැකයක් තියෙනවා. ඒ සඳහා අපි පෙරමුණ ගත යුතුයි. කාන්තාවක් ඉගෙන ගෙන හෝ ඉගෙන නොගෙන යම් කිසි තැනකට එන්න කොයිතරම් කැප කිරීම් කරන්න ඇත්ද. විවිධ අර්බුධ, ගැටළු නිසාවෙන් පන්නරය ලැබූ ගැහැණුන් සෙසු අයට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. සැබැවින්ම ඔවුන්ගේ ගමන පුරුෂාර්ථ සමාජයට පවා අභියෝගයක්.
     
    නව සංඛ්‍යාලේඛන දත්ත අනුව මෙරට ජනගහණයෙන් 52% කාන්තාවන් වන අතර 48% ප්‍රමාණයක් පිරිමි සමාජයයි. මේ ශක්තියම ප්‍රමාණවත් රටේ තිරසාර සංවර්ධනයට කාත්තාවට පෙළගැහෙන්න. මෙරට කාන්තාව ලෝක දේශපාලනයේ පෙරළිකාර චරිතයක්. එය එදා සිට අද දක්වාම මෙරට තුළ ඔප්පු වී හමාරයි. එබැවින් ම දේශපාලනය කාන්තාවට අභියෝගයක් නොවේ. අද වන විට රටේ දේශපාලනය තුළ කාන්තාවට ලැබෙන ඉඩ හසර නෛතිකව පුළුල් වෙලා. ආණ්ඩු කළ හැකි ශක්තිය තොටිල්ල පදවන ශක්තිය හා සමානවම අප සතුයි. එබැවින් අපගේ දේශපාලන දැක්ම අවබෝධය සම්බන්ධව අඩු තක්සේරුවක නොසිටිය යුතුයි. 
     
    නව තාක්ෂණය විසින් මිනිස්සුන්ගේ ජීවිත උදුරාගෙන යන විදිය මම පහුගිය දවස්වල පුවත් පත් වල දැක්ක.  දෙහිවල සිදුවූ අනතුර එවැන්නක්.  ඇතැම් මව්වරුන් තමන්ගෙම දියණියට අන්දවන ඇඳුමෙ තියෙන අසංවරශීලිත්වය ගැන හිතනවිටත් පුදුමයක්. 
     
    උතුරෙත් දකුණත් දෙකේම කාන්තාවන්ට අහිමි වුයේ ස්වාමියන්, දරුවන් දෙපාර්ශවයටම ලැබුනෙ එකම පීඩනය. සැබවින්ම රටේ නිෂ්පාදනයට කාන්තා ඔබ අතින් සිදු කෙරෙන නිමැවුම නිවැරදිව ගණන් බලා නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ. මැදපෙරදිග ගෘහ සේවය පමණයි එලෙස මැනීමට ලක්වන්නෙ. නමුත් මෙරට ගෘහණියගේ දායකත්වය නිසි ගණන් බැලීමක් සිදුවන්නේ නැහැ. එනිසයි මම විශ්වාස කරන්නේ ඇයගේ ශ්‍රමය නියම ලෙස ගණන් බැලීම සිදු නොවෙන බවයි. කාන්තාවගේ කඳුල රටේ ශක්තියයි. ඇගේ වෙහෙස මහන්සිය රටේ නිෂ්පාදනයයිද පැවසීය.
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කාන්තා බලමණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූඅතර අඛණඩව සහභාගී වූ කාන්තා බලමණ්ඩල වෙත ඇගයීම් කුසලතා බලා දීමද මෙහිදී සිදු විය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya