අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝෂණය පිළිබද අනවබෝධය හේතුවෙන් ක්ෂණික මරණ

    නොවැම්බර් 27, 2015
    පෝෂණය පිළිබද ඇති අනව‍බෝධයත්  කෘත්‍රීම හා  ක්ෂණික ආහාරත් හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව වැනි රෝගවලින් පුද්ගලයින්  ක්ෂණිකව මරණයට පත්වන තත්ත්වයක් උදාවී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි. 
    පෝෂණය පිළිබදවත්, ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර රටාවන් සම්බන්ධවත්  ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයිද ඒ මහතා පැවැසීය. 
     
    මහනුවර දිස්ත්‍රික් පෝෂණ කමිටුව පිහිටුවීමේ රැස්වීමේදී දිස්ත්‍රික් ‍ලේකම්වරයා මෙම අදහස් පලකළේ ය. පෝෂණය පිළිබද බහු ආංශික සැලැස්ම ක්‍රියාවට නැංවීම සදහා වු මහනුවර දිස්ත්‍රික් පෝෂණ කමිටුව පිහිටුවීම පසුගියදා සිදු කෙ‍රිණි. 
    පෝෂණ කමිටු පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ අඩු වර්ධනය හා අඩු බර ව්‍යාප්තිය 40% කින් අඩු කිරීම, ආහාර අපතේ යාම 5% කට වඩා අඩු කිරීම,  අවුරුදු 5ට අඩු ළමයි අතරේ අධිබර ව්‍යාප්තිය පාලනය කිරීමයි. මීට අමතරව  අඩුබර දරු උපත් පාලනය,  ලේ අඩුකමේ ව්‍යාප්තිය වර්තමාන මට්ටමට වඩා 50% කින් අඩු කිරීම යන ඉලක්ක සපුරාගැනීමද මෙම පෝෂණ කමිටුව පිහිටුවිමේ අරමුණයි.
    මෙම ඉලක්ක සපුරා ගැනීම සදහා මහනුවර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක්  සංවිධානය කර ඇත. පාසැල්වලට පෝෂණයෙන් අනුන උදෑසන  කෑමවේලක් හදුන්වා දීම,  පෙර පාසැල් දරුවන්ට කිරී විදුරුවක්  හදුන්වාදීම,  පෝෂණය සම්බන්ධයෙන් පෙර පාසැල් ගුරුවරුන්  හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීම යන වැඩසටහන් මේ අතර වේ. 
    එමෙන්ම ගර්භනී මව්වරුන්ට පෝෂණ මල්ලක් හා කිරීවීදුරුවක් ලබාදීම, වෙළදපලේ  ඇති ආහාර වර්ගවල පෝෂණීය තත්ත්වය  මැන බැලීම වැනි වැඩ සටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා 
    පැවසීය.
    AP/DMU-Kandy 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya