අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශිෂ්‍යභට බලකායේ රංටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ 25වන සංවත්සරය දෙසැ. 01දා

    නොවැම්බර් 27, 2015

    ජාතික ශිෂ්‍යභට බලකායේ රංටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ 25වන සංවත්සරය සැමරීමේ උත්සවය දෙසැම්බර් මස 01වෙනිදා  රංටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් චන්දන රාජගුරු මහතා ප්‍රකාශ කළේය.

    මෙම සංවත්සර උත්සවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අතර එහිදි මේජර් ජෙනරල් චන්දන රාජගුරු මහතා මේ බව පැවසීය.

     

    එම සංවත්සර උත්සවයේ ප්‍රධාන අරාධිතයින් ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඒ. පී. ජි.  කිත්සිරි මහතා සහභාගීවීමට නියමිතය.

     

    1990 වසරේ දී සිසුන් 80ක් සමඟ ජාතික ශිෂ්‍යභට බලකායේ රංටැඹේ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කළ අතර අද වනවිට වසරකට පාසල් ගණනාවක ශිෂ්‍යභටයින් දහස්ගණනක් පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.

     

    ජාතික ශිෂ්‍යභට බලකායේ රංටැඹේ පුහුණු මධ්‍යස්ථානය අක්කර 70ක ඉදි කර ඇති අතර සියළු පහසුකම් සහිත ගොඩනැඟිලි 110කින් සමන්විත වේ.

     

    මෙහිදී එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ජාතික ශිෂ්‍යභට බලකායේ අධක්ෂ මේජර් ජෙනරල් චන්දන රාජගුරු, කර්නල් ජයසිංහ, කර්නල් හෙට්ටිආරච්චි, කර්නල් ලියනගේ, කර්නල් දයාවංශ යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya