මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව මහ සමන් දේවාල පෙරහැරට කප් සිටුවිම සැප්තැම්බර් 14 දා

    සැප්තැම්බර් 01, 2015
     
    සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මහ සමන් දේවාලයේ 2015 වාර්ෂික ඇසළ පෙරහැර පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික අංශ,සිවිල් සංවිධාන නියෝජිතයින්  හා ප්‍රාදේශිය මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කිරි‍මේ සාකච්ඡාවේදීය.
     
    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා, පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ දේවාල භූමියේ හා පෙරහැරේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසියේ මැදිහත්විම මත සිදු කිරිමට කටයුතු යොදා ඇති බව පැවසීය.
     
    මෙයට අමතරව රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වලින් ඉටුවිය යුතු කාර්යන් පිළිබඳවද මාධ්‍ය ආයතන නියෝජිතයින්ද මෙහිදි දැනුවත් කිරිමද සිදු කෙ‍රිණි.
     
    මෙහිදි අදහස් දැක්වු සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්තේ මහතා, පෙරහැර සංවිධාන කටයුතු සාර්ථකව සිදු කරමින් පවතින අතර තාවකාලික වෙළද සැල් වෙන්දේසියද ඉදිරි දිනවලදි සිදු කිරිමට කටයුතු යොදා ඇති බව පැවසීය.පෙරහැර සතිය තුළ රත්නපුර නගර සීමාවේ හා ඇලපාත ප්‍රදේශයේ ඇති සියලුම සුරා සැල් වසා තැබීමට පියවර ගෙන ඇති බවද  තවදුරටත් පැවසීය.
     
    රත්නපුර ප්‍රාදේශිය ලේකම් චිත්‍රා කොට්ටවත්ත මහත්මිය අදහස් දක්වමින් සැප්තැම්බර් 12 වෙනි දින පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පසු දින (13 වන දින) සාංඝීක දානමය පුණ්‍ය කර්මයක්ද ඉටු කිරිමෙන් පසු 14 වෙනිදා කප් සිටුවිමද ,14 - 17 වෙනි දින දක්වා කුඹල් පෙරහැරද, 18 - 22 වෙනි දින දක්වා දෙවොල් පෙරහැර හා  23 - 27 දින දක්වා මහ පෙරහැරද පැවැත්වෙන බවයි. 28 වෙනි 
    දින අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැරේ කටයුතු අවසන් වීමට නියමිතය.
     
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya