මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් නිෂ්පාදනවල ධාරිතාව ඉහල නැංවිමට වැඩපිළිවෙලක්

    අගෝස්තු 31, 2015
     
    පශු සම්පත් නිෂ්පාදනවල ධාරිතාවය ඉහල නැංවිමත් සත්ව පාලනයේ නියුතු ගොවින්ගේ ජිවන තත්වය ඉහල නැංවිමත් අරමුණු කර ගනිමින් වැඩ සටහන් රැසක් පැවැත්විමට දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  පියවර ගෙන තිබේ.
    මේ යටතේ සත්ව පාලනය පිළිබඳ තාක්ෂණ දැනුම ලබාදිම , සත්ව අභිජනනය,රෝග හඳුනා ගැනිම, රෝග වලක්වා ගැනිම, ප්‍රතිකාර කිරිම, ආදිය සම්බන්ධයෙන් වැඩ සටහන්  පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 29 කි.
     
    දකුණු පළාත් සභාවේ සත්ව නිෂපාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පශු වෛද්‍ය නිලධාරින් එක්ව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත.  
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya