අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසළ කළමනාකරණ වැඩ පිළිවෙල යටතේ කසළ වෙන්කර ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

    සැප්තැම්බර් 01, 2015
     
    කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමණාකරණ වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම සඳහා  කසල වෙන් 
    කර ලබා ගැනීම  අනිවාර්ය කරන ලෙස සියලු පළාත් ආයතන වලට දැනුම් දී පළාත් පාලන 
    කොමසාරිස් වරුන් ඒ පිළිබද දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්  
    එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස් දී ඇත. 
    ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ පසුගියදා පැවති පරිසර කමිටු රැස්වීමේ දීය.
    මෙහිදී කරදියාන කසළ කළමණාකරන ව්‍යාපෘතිය වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබද 
    දැඩි අවධානය යොමු කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙත කසළ ප්‍රවාහනය කිරීමේ දී පළාත් පාලන 
    ආයතන මගින් දුර්ගන්ධය වැලැක්වීමේ උපක්‍රම භාවිත නොකර අපද්‍රව්‍ය විවෘත රථ වල ප්‍රවාහනය 
    කිරීම නිසා ගැටලු සහගත වී ඇති බව එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමිල සිල්වා මහතා 
    පවසයි.
     
    කෝට්ටේ සහ මොරටුව මහ නගර සභාවල කසල ඉවත් කිරීම සාර්ථකව සිදු වුවද මෙම ව්‍යාපෘතිය සදහා කාබනික අප ද්‍රව්‍ය ගෙන ඒම අඩු වීම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාමට ගැටළුවක් වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.2015 ජුනි මාසය තුල මිශ්‍ර කසල මෙට්‍රික් ටොන් 13650.24 ක් ලැබී ඇත. ඉන් වැඩිම මිශ්‍ර කසල ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 4976.05 ක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන් ලැබී ඇත. වෙන් කරන ලද කාබනික  අපද්‍රව්‍ය පසු ගිය ජුනි මාසය තුළ මෙට්‍රික් ටොන් 1004.79 ක් ලැබී ඇති අතර‍ ඉන් වැඩිම ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 999.81 ක් මොරටුව මහ නගර සභා  බල ප්‍රදේශයෙන් ලැබී ඇත.
     
    මෙම කරුණු සලකා බලන විට කසල වෙන් කර ලබා නොදීමත් කසල විවෘතව ප්‍රවාහනයේ දී 
    ඇති වන දුර්ගන්ධයත් කරදියාන පසු විපරම් කමිටුව මාස කිහිපයක සිට රැස් නොවීමත් මෙම 
    තත්ත්වයට හේතු වී ඇත. එහෙයින් උසාවි නියෝගයක් අනුව ස්ථාපිත කරන ලද පසු විපරම් 
    කමිටුව නැවත සක්‍රීය කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා 
    කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්  කේ.ජී.සුමුදු දිනේෂා මහත්මිය වෙත උපදෙස් දෙන ලදී.
     
     
     AP/DMU-Colombo 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya