අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 245ක ප්‍රදානයක්

    ජූලි 30, 2015
    රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 215ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 245ක)  ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟත්වය පළකර ඇත. රජයේ නිලධාරීන්ට ජපානයේ උසස් අධ්‍යාපන ආයතනයන්හි පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනයට අනුග්‍රහය ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
     
    ඊට අමතරව, මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉහළ දායකත්වයක් ලබාගැනීම මෙන්ම ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම වැඩසටහනින් අපේක්ෂිත සෙසු අරමුණු වේ.
     
    මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සදහා ජපාන රජය සමඟ හුවමාරුපත්‍ර අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත හිරොයුකි ඇබේ මහතා ද අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීය.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya