අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - වැලිපිටියට රුපියල් මිලියන 38ක්

    ජූලි 30, 2015
    ග‍්‍රාම නිලධාරි වසමකට රුපියල් මිලියනය බැගින් ලබාදෙමින් ගම් නගා සිටුවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතර - වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 38ක් සඳහා රුපියල් මිලියන 38ක මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබේ. අනුමත වැඩ යෝජනා 67ක් මේ යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    ඒ අනුව ජන ජීවිතය නගාසිටුවීම සඳහා අවශ්‍ය පොදු යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පානීය ජල සම්පාදනය, පොදු ළිං හා නාන ස්ථාන සංවර්ධනය, පොදු සනීපාරක්‍ෂක පහසුකම් සංවර්ධනය, ක‍්‍රීඩා පිටි හා ළමා උද්‍යාන සංවර්ධනය, ප‍්‍රජා ශාලා හා සංස්කෘතික මධ්‍යස්ථාන සංවර්ධනය, පෙර පාසල් සංවර්ධනය, ග‍්‍රාමීය පාසල්වල සනීපාරක්‍ෂක පහසුකම් අලුත්වැඩියාව, ග‍්‍රාමීය විදුලිය දිගු කිරීම්, සති පොළ සංවර්ධනය, දහම් පාසල් පොදු පහසුකම් සංවර්ධනය සහ ග‍්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සිදු කෙරේ. 
     
    සුළු වාරිමාර්ග සංවර්ධනය යටතේ කුඩා අමුණු, වැව් හා ඇල වේලි ආදිය සංවර්ධනය, ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ කුඩා පාලම්, බෝක්කු සංවර්ධනය, ග‍්‍රාමීය මාර්ග සඳහා කොන්ක‍්‍රීට් ගල් ඇතිරීම, තාර දැමීම සිදු කෙරේ. ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ප‍්‍රජාවගේ ඉල්ලීම මත වෙනත් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, හඳුනාගත් ව්‍යාපෘතිවල ප‍්‍රතිසංස්කරණය හා නවීකරණ කටයුතු ආදිය මෙහිදී සිදු කෙරේ. 
     
    දින 100යේ විශේෂ සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ගම් නගා සිටුවීමේ වැඩසටහන යටතේ නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ඇත. 2015 වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර වැඩ අවසන් කළ යුතුය.
     
    DB/ DMU Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya