අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් රැකියා පොළ අද

    ජූලි 04, 2015
    ශ‍්‍රම වෙළෙඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ජාතික සංවර්ධනයට දායකකිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කරන රැකියා පොළ අද (04) පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා මාතර ශාන්ත තෝමස් කුමර විදුහල් පරිශ‍්‍රයේ දී පැවැත්වේ.
     
    රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මඟින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහිදී සිදුකෙරේ.
     
    වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමුවීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ. මෙහි දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මේ අවස්ථාවට රාජ්‍ය අංශයේ ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 100කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් 3000කට අධික ප‍්‍රමාණයක් අපේක්‍ෂා කෙරේ.
     
    කම්කරු අමාත්‍යංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම රැකියාපොළ සංවිධානය කෙරේ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya