අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ඛාදනයෙන් අවතැන්වූ පවුල් සඳහා නව නිවෙස්

    ජූලි 03, 2015
    මුහුදු ඛාදනය හේතුවෙන් අවතැන් වූ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 08ක් සඳහා මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයේ නිවාස පවරාදීම අද (03) නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ දී සිදු විය.
     
    සති 03ක් වැනි කෙටි කාලයක් තුළ මෙම පවුල් නැවත පදිංචිය සඳහා කටයුතු කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
     
    නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට එහි අතිරේක ලේකම් කේ.ඒ. තිලකරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සී.ඒ. විජයවීර මහත්වරු ඇතුළු ප්‍රතිලාභී පවුල්වල සමාජිකයෝ සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya