මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුළුබඩු උදානය විවෘත කිරීම අද

    ජූලි 04, 2015
    ශ්‍රී ලංකාවේ කුළුබඩු පිළිබඳ නිවැරදි දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් ඉදිකළ ජාතික කුළුබඩු උද්‍යානය අද (04) මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ දී විවෘත කෙරේ.
     
    අක්කර 20ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මෙම උද්‍යානය තුළ ලංකාවේ වැවෙන සෑම කුළුබඩු වර්ගයක් ම  ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.  
     
    ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳ ව දේශීය මෙන්ම විදේශිය සංචාරකයන්ට නිවැරදි දැනුම මෙහිදී ලබා දීමට කටයුතු යොදා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( පර්යේෂණ ) ආචාර්ය ඒ.පී . හීන්කෙන්ද මහතා පවසයි.
     
    මේ වන විට කුළුබඩු වර්ග  25කට අධික සංඛ්‍යාවක් මෙම උද්‍යානය තුළ  ස්ථාපනය කර ඇත.  ඉදිරියේදී තවත් කුළුබඩු වර්ග වගා කිරීමටත් තොරතුරු මධ්‍යස්ථානයක්, දේශන ශාලාවක් හා අලෙවි මධ්‍යස්ථානයක් ද සහිතව අක්කර 100 ක භූමි ප්‍රමාණයක් පුරා මෙම උද්‍යානය සංවර්ධනය කිරීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇත. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya