අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කුළුබඩු උද්‍යානය විවෘත කිරීම 04 දා

    ජූලි 02, 2015
     
    ශ්‍රි ලංකාවේ කුලුබඩු පිළිබඳ නිවැරදි දැනුම ප්‍රචලිත කිරීමේ  අරමුණින්  ජාතික කුළුබඩු උද්‍යානයක් මේ  මස  04  වනදා මාතලේ මධ්‍යම  පර්යේෂණ මධ්‍යස්ථානයේදී විවෘත කෙරේ.
    අක්කර 20 ක භුමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මෙම උද්‍යානය තුල ලංකාවේ වැවෙන  සෑම කුළුබඩු වර්ගයක්ම  ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.  
     
    ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබදව දේශීය මෙන්ම විදේශිය සංචාරකයන්ට නිවැරදි දැනුම මෙහිදී ලබා දීමට කටයුතු යොදා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( පර්යේෂණ ) ආචාර්ය ඒ.පී . හීන්කෙන්ද මහතා පවසයි.
     
    මේ වන විට කුළුබඩු වර්ග  25 කට අධික සංඛ්‍යාවක් මෙම උද්‍යානය තුල  ස්ථාපනය කර ඇත.  ඉදිරියේදී තවත් කුළුබඩු වර්ග වගා කිරීමටත් තොරතුරු මධ්‍යස්ථානයක්, දේශන ශාලාවක් හා අලෙවි මධ්‍යස්ථානයක්ද සහිතව  අක්කර 100 ක භුමි ප්‍රමාණයක මෙම උද්‍යානය සංවර්ධනය කිරීමටත්  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇත. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya