අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට රටඉඳි තොගයක්

    මැයි 30, 2015
    මෙවර රාමසාන් උත්සවය නිමිත්තෙන් රටඉඳි මෙට්‍රික් ටොන් 15ක් එක්සත් ආරාබි එමිර් රාජ්‍යය මගින් මෙරටට පරිත්‍යාග කොට ඇත. 
     
    මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමා වෙත නිල වශයෙන් එය භාර දීම  ඊයේ (29) පස්වරුවේ  දී  එක්සත් ආරාබි එම්ර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 
     
    ලබන වසරේ දී මීට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදීමට තමන් පියවර ගන්නා බව මෙම අවස්ථාවට එක් වෙමින් එරට තනාපති අබ්දුල් හමීඩ් ඒ.කේ.අල් මුල්ලා මහතා පැවැසීය.
     
    වත්මන් රජය යටතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක්  ස්ථාපනය කිරිම සතුට දනවන කරුණක් බවත් ඉදිරියේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා  වර්ධනය කර  ගැනීමට පියවර ගන්නා බව ද තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාව සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  එම්.එච්.එම්. ශාමීල්  මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya