මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වී මිලදී ගැනීම් හෙටින් අවසන්

    මැයි 29, 2015

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම හෙට (30) සවස 6.00ට අවසන් කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කර ඇත.

    මෙම වී මිලදී ගැනීම පසුගිය මාර්තු 15 වැනි දින දිස්ත්‍රික්ක පුරා පිහිටි සියලු මධ්‍යස්ථානවල දී ආරම්භ කළ අතර මෙම වී මිලදී ගැනීම සඳහා රජය මඟින් රුපියල් මිලියන 527ක මුදලක් ලබා දී ඇත. ඒ අනුව පසුගිය 22 වැනි දා වන විට රුපියල් මිලියන 507ක වී මිල දී ගෙත තිබුණු අතර වී පිරී තිබෙන ගබඩා වෙනුවට වෙනත් ගබඩාවලට යොමු කර ඉදිරියේදී එන වී ගැනීමට ගැනීමට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර් සී. ද සොයිසා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

     

    කිසිදු ගැටලුවකින් තොරව දිස්ත්‍රික්කය පුරා පැවති වී අලෙවි මධ්‍යස්ථාන ඔස්සේ වී අලෙවි කර ගැනීමට හැකි වූ බව ගොවිහූ ප්‍රකාශ කළහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya