අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙනිය උද්‍යානයේ විදේශීය සංචාරකයන්ගේ වර්ධනයක්

    අප්‍රේල් 24, 2015
    පේරාදෙනිය උත්භිත උද්‍යානයේ පසුගිය 2014 වසරේ පළමු මාස තුනෙහි පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය හා සැසදීමේ දී මෙවර 2015 වසරේ මුල් මාස තුනෙහි පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය අනුව එය 6%කින් වර්ධනය වී ඇතැයි පේරාදනිය උත්භිත උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය පෙරමුණේගම මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
     
    ඒ අනුව පසුගිය 2014 වසරේ දී විදේශීය සංචාරකයන් 3,45,468ක් පැමිණ ඇති අතර 2015 වසරේ දී 128494ක් පැමිණ තිබේ. එය පසුගිය වසර හා සැසදීමේ දී 6%ක වර්ධනයකි. 
     
    2014 වසරේ දී දේශීය සංචාරකයන් මිලියන 1.8ක් පේරාදෙනිය උත්භිත උද්‍යානය වෙත පැමිණ ඇති අතර එය 2015 වසරේ දී 4,38,386කි.
     
    2014 වසරේ දී පේරාදෙනිය උත්භිත උද්‍යානයේ දළ ආදායම රුපියල් මිලියන 445ක් බව පෙන්වා දෙන අධ්‍යක්ෂ පෙරමුණේගම මහතා මේ වසරේ දී මුල් මාස තුනෙහි ආදායම රුපියල් මිලියන 156ක් බව පෙන්වා දෙයි. 
     
    2015 වසරේ දී රුපියල් මිලියන 600ක පමණ ආදායමක් ලබාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ පෙරමුණේගම මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya