අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට ලබන 30 දක්වා ජාතික ප්‍රතිශක්තිකරණ සතියක්

    අප්‍රේල් 23, 2015
    හෙට (24) සිට ලබන 30 දක්වා ජාතික ප්‍රතිශක්තිකරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ අනුව මුඛ පෝලියෝ එන්නත වෙනුවට නව පෝලියෝ විදින එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියට එක්කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
     
    අද (23) වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවාය.
     
    පෝලියෝ රෝගය මුඛයෙන් ඇතුළු විය හැකි විෂ බීජයක් වන අතර මේ මඟින් මිනිසාගේ ස්නායු පද්ධතියට කරනු ලබන බලපෑම නිසා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් විය හැකියි. පෝලියෝ වෛරසය 1, 2 හා 3 නම් වූ ප්‍රභේද 03කින් සමන්විතයි. 2 වන ප්‍රභේදය නිසා හට ගන්නා පෝලියෝ රෝගය 1999න් පසු ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැහැ. 1988දී ආරම්භ කරන ලද ගෝලීය පෝලියෝ තුරන් කිරීමේ ක්‍රියාදාමය යටතේ ලෝකයේ පෝලියෝ රෝගය වාර්තා වීමේ ප්‍රවණතාව 99%කින් අඩු වී ඇත. 1988දී රටවල් 125ක, 2000දී 20ක හා 2014න් පසු පකිස්තානය, ඇෆ්ගනිස්තානය හා නයිජීරිය යන රටවල් 03 පමණක් පෝලියෝ රෝගීන් වාර්තා වන බව ඇය සඳහන් කළාය.
     
    වසර 2018 වන විට පෝලියෝ රෝගය මුළු ලෝකයෙන් ම මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයක් මේ වන විට ක්‍රියාත්මකයි. පෝලියෝ මාත්‍රා 05ක් දරුවන්ට ලබා දෙනු ඇත. නව විදින පෝලියෝ එන්නත වයස මාස 04ක් සම්පූර්ණ වූ බිළිඳුන්ට පංචසංයුජ එන්නතේ දෙවැනි මාත්‍රාව හා මුඛ පෝලියෝ එන්නත සමඟ මේ වසරේ ජූලි මස සිට තවත් විදින එන්නතක් ලෙස ලබා දෙනු ඇත. අජීවී විදින පෝලියෝ එන්නත ලබා දීමෙන් අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා නොවේ. නව විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව මුඛ පෝලියෝ එන්නත සමඟ විදින පෝලියෝ එන්නත එක මාත්‍රාවක් ලබා දීමෙන් මේ වෛරසය පැතිරයාම වලක්වා ගත හැක. එමඟින් දරුවන්ට වැඩි ආරක්ෂාවක් ද ලැබෙනු ඇත. විදින පෝලියෝ එන්නත ලබාදීමෙන් පෝලියෝ වෛරසය ඉතුරු වී ඇති රටවල් 03න් තුරන් කර ක්‍රමානුකූලව මුඛ පෝලියෝ එන්නත නවත්වා දැමීම සඳහා අඩිතාලම සකස් කෙරෙන බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya