අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 23, 2015
    තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාරව හදිසි පනත් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ මෙම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත.
     
    රජයේ දින 100 වැඩසටහන යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
     
    වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya