අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ විධායක බලය නොවෙනස්ව තබා ගන්නයි-ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර

    අප්‍රේල් 23, 2015

    A-Chndrani bandara19 වන ව්‍යවස්ථාව අපේ මැතිවරණ ප්‍රකාශයේ එක පොරොන්දුවක්. මේ වෙනකොට මෙම ව්‍යවස්ථාව සම්මත වෙලා තියෙන්න ඕන. නමුත් අද තාම මේක සම්මත වෙලා නැහැ. විපක්ෂය මේක නොකෙරෙන විදිහෙ යම් යම් දේවල් ඉස්සරහට දාගෙන මේක පස්සට අදින දෙයක් අපි දකිනවා. විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ විධායක බලය වෙනස් නොවී මේ විදියටම තියාගෙන යන්න යැයි කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

    19 වන ව්‍යවස්ථාව පිළිබඳ චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය විශේෂ ප්‍රකාශයක් කරමින් අද (23) මේ බව පැවසුවා ය.

     

    මේකට විරුද්ධ වෙන අය අපි දකින්නෙ මහින්ද චින්තන ආණ්ඩුව තුළ දි මහා පරිමාණයෙන් දූෂණ වංචාවලට ලක්වුණු පිරිසක්. ඒ අයට සුදුසු පරිදි මේ හොරකම තවදුරටත් මෙම බලය තුළ ඉස්සරහටත් ක්‍රියාත්මක කිරීම පහසු නිසා මේක තියාගෙන තවත් ඉස්සරහට මේ පිරිස නැවත බලය අරගෙන මේ කරපු දේවල්ම කරගෙන යන්න තමයි මෙයාලගෙ අදහස තියෙන්නෙ.

     

    මේ විධායක බලය අහෝසි කිරීමට මේ අය එකතු වෙන්නෙ නැහැ. අපි ජනතාවට කියන්නෙ විශේෂයෙන්ම මේ කරන අනවශ්‍ය වැඩවලට හොරකම් දූෂණ වංචාවලට සම්බන්ධ වූ අයත් සමඟ නැවත උද්ඝෝෂණ පවත්වලා මේකට සහයෝගය දක්වනවා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බලන කොට ජනතාවත් මේ හොරුන්ට තවත් අනුබල දීමක් ලෙස තමයි අපි දකින්නෙ.

     

    අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා යහපාලනයක් යටතේ මේ රට ඉදිරියට ගෙන යන්න හදන කොට මේ විධායක බලතල අහෝසි කරනව කියන්නෙ කිසිම දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව මේ පාලනය ඉස්සරහට කරන්න පුළුවන්. මේ වගෙ දෙයක් වළක්වන්න තමයි මේ ජනතාව අද මේ කොළඹට ඇවිත් කෑගහලා මේ කරන්න හදන්නෙ.

     

    එදා අපි දැක්කා මහින්ද චින්තන ආණ්ඩුව තිබුණු කාලෙදි ජනතාවට අරියාදු, වදිහිංසා, පළිගැනීම් කළා ද කියන එක පැහැදිලිවම තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට කොතරම් පළිගැනීම්, වදහිංසා කළා ද, පවුලේ අයට කොතරම් දේවල් කළා ද?

    අද ජනතාවට මේ කිසිදෙයක් දැන් මතන නැද්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නෙ. මේ අය බොරුවට වෙස් වලාගෙන ජනතාවගෙන් අනුකම්පාව ගන්න හදනවා මේ දෙවල් කළේ නැහැ කියලා. අපි ජනතාවට කියන්නෙ මේ දේවල් ගැන ආපසු හැරිලා බලන්න කියලා. උදාහරණයක් විදිහට තමයි සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්න ගැන කිව්වෙ.

    ඒ ආදි වශයෙන් මේ අය කරලා තියෙන දේවල් මේ අයගේ කාලෙ කොපමණ මනුෂ්‍ය ඝාතන සිදුවුණා ද? මේ සියල්ල දේශපාලන පළිගැනීම්. ඒවා අද ජනතාවට අමතක නම් නැවත ඒවගේ කාලයකට යන්න නම් මේ තල්ලු කරන්නෙ අපිට ජනතාවට කියන්න තියෙන්නෙ ඒ අය විසින්ම ඒ අයගෙ බෙල්ල කපාගන්නවා වගෙ වැඩක් තමයි කරන්න යන්නෙ කියලා. මේ දේවල් ගැන කල්පනා කරලා මේ ලබාගත්තු ජයග්‍රහණය නැති කරලා දාන වැඩ කරන්න එපා කියලා තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නෙ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya