අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මෙරට ‍වෙළඳපොළ පමණක් ‍නොව විදේශ වෙළඳපොළත් දේශීය අල වර්ග සඳහා විවෘතයි.”

    මාර්තු 25, 2015

    දේශීය අල බෝග ප්‍ර‍චලිත කිරීම කාලීන අවශ්‍යතාවයක් බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරුයා මේ බව පැවසුවේ, පසුගියදා ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති දේශීය අල බෝග ප්‍ර‍වර්ධනය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.


    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, “ඇතැම් දේශීය අල වර්ගවල පෝෂණීය අගය සහල් වලටත් වඩා වැඩියි. මෙතෙක් කල් යම් තරමකට හෝ අතපසු වුණු කාරණාවක් ඉස්මතු කිරීමට කැප වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු ම නිලධාරීන්ට ස්තූතියි. ”


    “බිම් මට්ටමේ සිටින නිලධාරීන් තමයි ජනතාව අතරට දේශීය අලවල වටිනාකම පිළිබඳ පණිවිඩය ගෙන යා යුත්තේ. දේශීය අල බෝග ප්‍ර‍ර්ධනය කිරීම  තුළින් රටේ වෙනසක් ඇති කළ හැකියි. අල වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය සම්පත්‚ දැනුම සහ තාක්ෂණය ලබාදීමේ වගකීම කෘෂිකර්ම නිලධාරීන් සතු වගකිමක්. ගොවීන් ශක්තිමත් කිරීමේ නියෝජිතයන් ලෙස කෘෂිකර්ම නිලධාරීන් කැපවීමෙන් කටයුතු කිරීමෙන් දේශීය අල වර්ග ප්‍ර‍වර්ධනය කිරීම වඩාත් පහසු කාර්යයක් වෙනවා.” 


    “අප පරිභෝජනය කරන්නේ දේශීය අල වර්ග කිහිපයක් පමණයි. නමුත් බොහෝදෙනා නොදන්නා‚ පරිභෝජනයට සුදුසු අල වර්ග රාශියක් අපේ රටේ වගා කළ හැකියි. වගාව ප්‍ර‍චලිත කිරීමෙන්‚ අලවර්ග ගමේ වෙළ‍ඳසැලේ වගේම නගරබද සුපිරි වෙළදසැල්වලත් අලෙවි කළ හැකියි. වගාව සඳහා ද ගොවීන්ට අවශ්‍ය දැනුම සහ අවබෝධය ගොවීන් වෙත ලබාදීම වඩා වැදගත්. ”


    “මෙරට ‍වෙළඳපොළ පමණක් ‍නොව විදේශ වෙළඳපොළත් දේශීය අල වර්ග සඳහා විවෘතයි. මඤ්ඤොක්කා‚ රාජඅල වාගේ දේශීය අල වර්ග අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් යොමුවී තිබීම සතුටට කරුණක්. රටේ පරිභෝජන විනිමය ඉපයීමත්‚  දේශීය අලබෝග ප්‍ර‍වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය කරුණක්”


    “මෙහිදී ප්‍ර‍චාරණය වැදගත් බොහෝදෙනෙක් තුළ දේශීය අල බෝග පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් නැහැ. දේශීය අල වර්ග හඳුනා ගැනීම සහ ඒවායේ පෝෂණීය අගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සිදු කළ යුතුයි. ජනතාව වෙත එම පණිවිඩය ගෙන යා යුත්තේ නිලධාරින් විසින්. අප හැමෝම වගකීම් සහගතව කටයුතු කරනවා නම් අපේ රට තුළ දේශීය අලබෝග ප්‍ර‍වර්ධනය කිරීම සාර්ථක අන්දමින් සිදු කළ හැකියි.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya