අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය සංවර්ධනයේදි ග්‍රාම නිලධාරින්ට විශේෂ වගකිමක් තියෙනවා - නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ

    මාර්තු 25, 2015

    ග්‍රාමිය ප්‍රදේශ සංවර්ධනයේදි ග්‍රාම නිලධාරින්ට විශේෂ වගකිමක් පැවරි තියෙනවා. ඒ නිසා අතීතයේ තිබු ග්‍රාම නිලධාරියාගේ භුමිකාව ඔස්සේ වැඩ කිරිම කාලෝචිතයි. ඔබ කරන්නේ ගෞරවනිය රැකියාවක්. එය ආරක්ෂා කරගෙන කටයුතු කිරිම වැදගත් බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති රජයේ ඉදිරි වැඩපිළවෙල පිළිබදව ග්‍රාම නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක් වූ අවස්ථාවේදීය.

     

    මෙරට ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වි ජාතික ආණ්ඩුවක් ඇති කළේ හොරු රකින්නවත් මැති ඇමතිකම් බෙදාගන්නවත් නොවේ. රටට හිතකර වු ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරිමටයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙම ජාතික ආණ්ඩු සංකල්පය නිර්මාණ වුණා. මෙය අලුත් අත්දැකිමක් වේවි. රට සංවර්ධනය කරා රැගෙන යාමේදි අපිට විවිධ කැපවිම් සිදු කිරිමට වෙනවා. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝග රැසක් හමුවේ මේ රට බාර ගත්තේ. රට ණය උගුලෙන් බේරා ගැනිමට කටයුතු කරමින් සිටිනවා. අගමැතිතුමාගේ ඇති විදේශිය රටවල් සමග සම්බන්ධතා අනුව මේ දේවල් සිදු කරමින් සිටිනවා. ඉදිරියේදි ගම්මාන සංවර්ධනය කිරිම සදහා මුදල් අපි ලබා දෙනවා. ප්‍රාදේශීය වශයෙන් සිටින ගම්වල ජනතාවගේ සැබැ අවශ්‍යතාවයන් හදුනාගෙන මේ සංවර්ධන කාර්ය අපි ඉටුකළ යුතුයි. පසුගිය කාලයේ විවිධ දේශපාලනඥයින්ට වුවමනා පරිදි ඇතැම් ව්‍යාපෘති සිදු වුණා. ඒ තත්ත්වයෙන් රට මුදවා ගත යුතු බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.

    MAP_dmu_matale

    matale grama

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya