මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියසේන ගමගේ මහතා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගනී

    මාර්තු 25, 2015
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, පියසේන ගමගේ මහතා අද (25) කොළඔ නාරාහේන්පිට නිපුණතා පියසේ පිහිටි එම අමාත්‍යංශයේ දී සිය රාජකාරී ආරම්භ කළේය.
     
    පසුගිය ඉරිදා (22) වත්මන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
     
    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී විශේෂ උපාධිධාරියකු වන පියසේන ගමගේ මහතා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංගම් හරහා ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පුවත්පත් අලෙවි නියෝජිතයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 1989 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්විය. 1994 පොදු ජන එක්සත් පෙරමුණ රජයේ වාරිමාර්ග විදුලි හා බලශක්ති, සමෟද්ධි හා ග‍්‍රාම සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් හා 2004 සිට 2010 දක්වා වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. 2010 සිට වසරක පමණ කාලයක් ඒ මහතා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
     
    දකුණු පළාත් සභා මන්ත‍්‍රී, රන්දිම ගමගේ මහතා ඇතුළු දරු දෙදෙනකුගේ පියකු වන පියසේන ගමගේ මහතා සිය ප‍්‍රථම ලිපියට අත්සන් තබමින් රාජකාරී ආරම්භ කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, සී.බී. රත්නායක යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීන්පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya