අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කරයි

    ජනවාරි 24, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ නිර්දේශය මත නව මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේද්‍රන් මහතා පත් කොට ඇති අතර ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය භාර ගත්තේය.
     
    අර්ජුන මහේන්ද්‍රන් මහතා වසර 30ක් පුරා ජාතික සහ ජාත්‍යන්තර තලයේ පුද්ගලික සහ පොදු මූල්‍ය සමාගම් සහ සංවිධානයන් හි වගකීම් රැසක් දැරීය.
     
    ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන ඔහු රනිල් වික්‍රමසිංහ මහතා අවසන්වරට අගමැතිව සිටි 2002 - 2004 යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.
     
    ඩුබායි පදනම් කරගත් එම්රේට්ස් එන්.ඩී.බී. මූල්‍ය කළමනාකාර ආයතනයේ ආයෝජන නිලධාරියා ලෙස ඔහු මේ වන තෙක් සේවය කරමින් සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya