අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනියි

    ජනවාරි 25, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය‍.

    අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහි දී සෙත් පිරිත් සජ්ඡායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කළහ.

     

    අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත් සඳහා ද සහභාගී වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

     

    රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් එහි දී ද ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක සිරිසගබෝ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක හිමිපාණන් වහන්සේ ද ආගමික වතාවත් සිදු කිරීමෙන් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    අනුරාධපුර සාරානන්ද මහා පිරිවෙන වෙතද ගිය ජනාධිපතිතුමා ආමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.

     

    එහි දී සෙත් පිරිත් සජ්ඡායනා කර ජනාධිපති තුමා වෙත ආශිර්වාද පළ කළ ආනන්ද ස්වාමින් වහන්සේ කෙටි අනුශාසනාවක් ද සිදු කළහ.

     

    අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

     

    AnuradhpuraAnuradhpura 2Anuradhpura 3Anuradhpura 4Anuradhpura 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya