අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ආයතනවල නව නිලධාරීන් ජනපති අතින් පත්වීම් ලබති

    ජනවාරි 22, 2015

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල නව නිලධාරීන් අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ ඇති ආයතන සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරන ලදී. මෙලෙස නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, රාජ්‍ය දැව සංස්ථාව, සීමාසහිත මහවැලි උපදේශක සේවා පුද්ගලික කාර්යංශය සහ මැණික් හා ස්වර්ණාභරණ පුහුණු යන ආයතන සඳහාය.

     

    ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් ගාමිණී රාජකරුණා මහතා පත් කර ඇත.

     

    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ නව සභාපකි වන්නේ ඉංජිනේරු පී. ඩී. ඒ. පියතිලක මහතායි. එම කාර්යංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වශයෙන් එම්. ආර්. ජී. රණතුංග මහතාත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ලලිත් සේනානායක මහතාත් පත් කර ඇත.

     

    සමුද්‍රීය පරිසර අධිකාරියේ නව සභාපති වශයෙන් නීතිඥ ආර්. බී. මීගහවත්තේ මහතා පත්කර ඇති අතර එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් මියුරු භාෂිත ලියනගේ මහතා පත් කර ඇත.

     

    රාජ්‍ය දැව සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වශයෙන් එච්. වයි. ටී. පවරකුමාර මහතා පත් කරනු ලැබ ඇත.

     

    සීමාසහිත මහවැලි උපදේශක සේවා පුද්ගලික කාර්යංශයේ සභාපති වශයෙන් වෛද්‍ය හර්ෂ සමරවීර මහතා පත් කරනු ලැබ ඇත.

     

    මැණික් හා ස්වර්ණාභරණ පුහුණු ආයතනයේ නව සභාපති වන්නේ නවරත්න බණ්ඩාර අලහකෝන් මහතාය.

     

    SDF

    Appoint 1Appoint 3Appoint 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya