මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි රජුගේ අභාවය පිළිබඳ ජනපති ශෝකය පළ කරයි

    ජනවාරි 23, 2015

    සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජතුමාගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් සංවේගය පළ කර සිටියි.

    අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා තානාපතිවරයා හමුවී සිය ශෝකය පළ කළ අතර ශෝකය ප්‍රකාශ කිරීමේ ග්‍රන්ථයේ ශෝක ප්‍රකාශයක් ද සනිටුහන් කළේය.

     

    වසර 2005 සිට මේ දක්වා සෞදි අරාබියේ රජු ලෙස අබ්දුල්ලා රජතුමා කටයුතු කළේය.

     

    ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර 1974 වසරේ දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ දෙරට අතර පැවතුන වෙළෙඳ සහ ආර්ථික සබඳතා මේ වන විට ඉහළ මට්ටමකට වර්ධනය වී ඇත.

     

    SDF

     

    president 2president 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya