අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සේරුවිල මංගල මහා විහාරයේ ආගමික වතාවත්වල

    දෙසැම්බර් 19, 2014
    කාතන්කුඩි හා මඩකලපුවේ පැවැත්වෙන විජයග්‍රාහී ජන රැලි සඳහා සහභාගි වීමට නැගෙනහිර පළාතට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (19) උදෑසන සේරුවිල මංගල මහා විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
     
    විහාරාධිපති පූජ්‍ය සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක ද නිරත විය.
     
    ප්‍ර දේශයේ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට වැඩම කර සිටි අතර ජනාධිපතිතුමා උන්වහන්සේලා සමඟ ද සුහද කතාබහක නිරත විය.
     
    රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් ජනාධිපතිතුමා මේ රට ගොඩනගන්නට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව උන්වහන්සේ මෙහිදී තම ප්‍රසාදය පළ කර සිටියහ.
     
    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දූල් නජීඩ් මජීඩ්, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva
     
    03
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya