අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මක්කම වන්දනා කිරීමට නව වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 20, 2014
    සියලු ම මුස්ලිම් වැසියන්ට ජීවිතයේ එක් වරක් හෝ මක්කම වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය යටතේ වත් පොහොසත් කම් ඇති අය කිහිපවරක් මක්කම වන්දනාමාන කිරීමට යන ආකාරයක් දක්නට ලැබෙන බව පැවසූ ජනාධිපතිතුමා එම ක්‍රමය වෙනස් කර සැමට සමාන අවස්ථා ලැබෙන ක්‍රමයක් ආරම්භ කරන  බව පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ අද (20) අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් කල්මුණේ කඩකර මුස්ලිම් පල්ලියේ දී ආගමික වතාවත් සඳහා සහභාගිවීමෙන් අනතුරුවය.
     
    මේ රටේ සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට නිදහසේ තම ආගම ඇදහීමේ අයිතිය ලබාදුන්නෙත් නිදහසේ තම කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දුන්නෙත් වත්මන් රජය බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    එදා කාත්තන්කුඩි පල්ලියේ ආගමික වතාවත් හි නිරත ව සිටි බැතිමතුන් අමු අමුවේ මරා දැමූ අයුරු ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එවැනි කුරිරු යුද්ධයක් අවසන් කර සැමට නිදහස ලබාදීමට වත්මන් රජයට හැකි වූ බව පැවසීය.
     
    රටට ජනතාවට සේවය කරන විට සැමට එක සේ සලකා සේවය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතාවට සේවය කිරීමේ දී කිසිදු අවස්ථාවක ඡන්දය ලබාදෙනවාද? නැද්ද? යන්න නොසැලකූ බවද කියා සිටියේය.
     
    මුස්ලිම් පල්ලිය වෙත ගිය ජනාධිපතිතුමා වෙත එම්.අයි. එස්. ජියාස් පූජකතුමා විසින් ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද පළ කරන ලදී.
     
    පල්ලිය වෙත පැමිණ සිටි මුස්ලිම් ජනතාව සමඟ ද ජනාධිපතිතුමා කථාබහක නිරත විය.
     
    DB
     
    he ampara 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya