මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉන්දීය අගමැති හමුවේ

    නොවැම්බර් 27, 2014
    නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18වැනි සාර්ක් සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අතරවාරයේ දී ඊයේ (26) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී (Narendra Modi) මැතිතුමා හමුවිය. 
     
    මොවුන් දෙදෙනා පසුගිය මැයි මාසයේ දී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උළෙලේ දී අවසන් වරට හමු විය.
     
    මෙම හමුව අතරවාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ධීවරයන් පස්දෙනා නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළේය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්.එම්. සෙනවිරත්න මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya