අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ඉන්දියාවේ සහ පකිස්තානයේ රාජ්‍ය නායකයන් කත්මණ්ඩු නුවර දී හමු වෙයි

    නොවැම්බර් 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ පකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරිෆ් මැතිතුමන්ලා සමඟ ඊයේ (26) සවස, නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන 18 වන සාර්ක් සමුළුවට පරිබාහිර ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.


    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මෝදි මහතා, ඉන්දියානු ධීවරයින් පස් දෙනාට සමාව දී නැවත ඉන්දියාවට පිටත් කර යැවීම පිළිබඳ ව ස්තූතිය රාජපක්ෂ ජනාධිපතිතුමාට පළ කළ අතර, ජනාධිපතිතුමාගේ ක්‍රියාව ඉන්දියාව පුරාම පැසසුමට ලක් වී ඇති බව ද පැවසීය.

    ඉන්දියාවේ ආන්ද්‍රා සහ තමිල්නාඩු ප්‍රාන්තවල බන්ධනාගාරගත වී සිටින ශ්‍රී ලාංකීය ධීවරයින් නිදහස් කිරීම සලකා බලන ලෙස ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේය.

    දෙරට අතර ඉතා ශක්තිමත් මෙන් ම විවිධ වූ ද්විපාර්ශ්වික සබඳතා පවතින බව නායකයන් දෙදෙනාට ම හැඟුණු අතර ඒකාබද්ධ ආර්ථික කොමිසමක් ඇත කිරීම සඳහා කටයුතු කිරීමට ඔවුන් එකඟ වූහ. සාර්ක් (දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සාවිධානය) සංවිධානය වඩාත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු දැකීමට බලවත් කැමැත්තක් ඇති බව මෝදි අග්‍රාමාත්‍යවරයා නැවතත් සඳහන් කළ අතර සාර්ක් කලාපය තුළ වෙළෙඳාමේ ප්‍රමාණය වැඩිකිරීමට ඉන්දියාව කැප වී සිටින බව ද පැවසීය.

    ශ්‍රී ලාකාව සහ පකිස්තානය අතර හමුව තුළ ආර්ථික සබඳතා වැඩිදුරටත් වර්ධනය කිරීම පිළිබඳ සැලකිය යුතු ලෙස අවධානය යොමු විය. අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා තම විශේෂ කැමැත්ත පළ කළේ  සීනි කර්මාන්තයේ සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ හවුල් ව්‍යාපාර ඇති කිරීම සම්බන්ධයෙනි.

    යුද්ධය පැවති මුළු කාලය පුරා ම පකිස්තානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳ ව රාජපක්ෂ ජනාධිපතිතුමා, තම කෘතඥතාව පළ කළේය. එය ත්‍රස්ත්‍රවාදයට විරුද්ධ ව කළ සටනක් නිසාවෙන් ශ්‍රී ලංකාවට සහය වීම ඔවුන්ගේ වගකීමක් වූ බව ෂරිෆ් අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ ජනාධිපතිතුමාට පවසා සිටියේය. ත්‍රස්ත්‍රවාදය යනු මුළු කලාපයට ම පොදු අභියෝගයක් බවත්, එය මැඬලීම සඳහා එකමුතුකමින් සහ සහයෝගීත්වයෙන් ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

    පකිස්තානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක හැකි ඉක්මනින් යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය ෂරිෆ් මැතිතුමා, ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට
    ආරාධනා කළේය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජී.එල්. පීරිස්, අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්.එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya