අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම - යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන පැමිණිලි විභාග අරඹයි

    නොවැම්බර් 21, 2014

    අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වන විට යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කරමින් සිටින බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසයි.


    අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම උතුරු සහ නැගෙනහිර පළාත්වල පැමිණිලි හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ පැමිණිලි මේ වන විට විභාග කරමින් සිටී. ලබන 31 වන දින දක්වා එය සිදු කරන බව ලේකම්වරයා පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (390 වැනි අධිකාරය වූ) 2 වැනි වගන්තියේ විධිවිධානයන්ට අනුකූලව හා 2011 නොවැම්බර් 15 වැනි දින උගත්පාඩම් සහ ප‍්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිෂන් සභා වාර්තවේ අංක 4359 ඡේදය අනුව පහත සඳහන් කරණු සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තා කිරීම පිණිස 2014.07.15 දින හා අංක 1871/18 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් මෙම කොමිෂන් සභාවේ විෂය ක්ෂේත‍්‍රය තවදුරටත් පුළුල් කර ඇත.

    කිසියම් පුද්ගලයෙකු, සංවිධානයක් හෝ කණ්ඩායමක් ඍජුව හෝ වක‍්‍රව අන්තර්ජාතික මානව හිමිකම් නීති කඩ වී ඇත්දැයි යන්න සොයා බැලීම මෙම කොමිසමේ අරමුණ වේ.

    අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත මේ වන විට පැමිණිලි 20,000ක් පමණ ලැබී ඇති අතර එයින් පැමිණිලි 5,000ක් පමණ සොල්දාදුවන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya