අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ළමා සංසදයේ දී මන්ත්‍රීවරු ළමා අයිතිවාසිකම් සුරැකීමට ප්‍රතිඥා දෙති

    නොවැම්බර් 21, 2014

    1991 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් තබන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 25වන වර්ෂ සැමරුම සනිටුහන් කරනු වස් සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් දිවයිනේ ප්‍රථම පාර්ලිමේන්තු ළමා සංසදය ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සාමාජිකයින්, ජනමාධ්‍ය නියෝජිතයින් සහ රාජ්‍ය දූත පිරිස් ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    මේ රටේ අනාගත පරම්පරාවේ සුභ සෙත උදෙසා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය, දැක්ම ඉදිරියට ගෙනයන රටේ ඉහළම මට්ටමේ ඇති මෙවලම මෙම පාර්ලිමේන්තු ළමා සංසදය බව එහිදී මුඛ්‍ය දේශනය පැවැත්වූ පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

     

    අපේ ළමයි වෙනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ කැපවීම පිළිබඳ ප්‍රඥප්තිය දෙන්නට මා හා අත්වැල් බැඳ ගන්න එක්වන්න යැයි එම අවස්ථාවේදී උත්සවය ඇමතූ ළමා සංවර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

     

    මෙම ප්‍රඥප්තිය මඟින්, ප්‍රතිපත්ති, අයවැය, නීතිරීති සහ ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් යනාදිය සම්පාදනය කිරීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒවා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ මඟපෙන්වීම අනුව යමින් සිදු කළ යුතු බවට යළි සහතිකවනු ලැබේ.

     

    පාර්ලිමේන්තු ළමා සංසදය සංකල්පය ආරම්භ කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකතුමාට සිදුකරන ලද ඉල්ලීමක් අනුව වන අතර, ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ අනුදැනුම ද යුනිසෙෆ් ආයතනයේ සහය ද ඒ සඳහා ලැබී ඇත.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්  ළමයින් වෙනුවෙන් දිගුකල් පවතින වෙනස්කම් සිදු කිරීමට හැකි සුවිශේෂී නායකත්ව තනතුරු හොබවනවා යැයි යුනිසෙෆ් නියෝජිතවරිය වන ඌනා මැකෝලි මහත්මිය සභාව අමතමින් ප්‍රකාශ කළාය.

     

    ළමුන් විසින් තවමත් මුහුණ දෙන ඇතැම් අභියෝග මැඩලීමට කටයුතු කරමින්ම, ළමුන් වෙනුවෙන් මෙරට දැනටමත් අත්පත් කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය තිරසර ලෙස පවත්වාගෙන යන්නේ ක්‍රමනාකාරයෙන්දැයි සලකා බැලීම සඳහා මෙම සංසදය සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට යුනිසෙෆ් ආයතනය අපේක්ෂා පූර්වකව බලා සිටින බව තවදුරටත් එහිදී මැකෝලි මහත්මිය කියා සිටියාය.

     

    අපගේ ළාබාලතම ඡන්ද දායකයින් එනම් අපේ ජාතියේ දරුවන්ගේ අයිතිවාසිකම් සහ සුබසෙත ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පොදු වගකීමක් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා එහිදී ප්‍රකාශ කළේය.

     

    අභනවයෙන් ඇති කරන ලද මෙම සංසදයේ අනුග්‍රහය යටතේ අප රටේ සියලුස ළමුන් වෙනුවෙන් පොදු ක්‍රියාත්මක සැලසුමක් සම්පාදනය කිරීමට සභාවේ සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් හා එක්ව කටයුතු කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටින බව ජෝන් අමරතුංග මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තු ළමා සංසදයේ පරමාර්ථය වන්නේ විවිධ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් ළමයින්ගේ සුබසෙත තකා ප්‍රතිපත්ති පරිසරය වැඩිදියුණු කිරීම (සමාලෝචනය සහ නව නීති ප්‍රතිපාදන යෝජනා කිරීම) වන අතරම, එමඟින් රටේ ළමයින් සම්බන්ධ ගැටලු පිළිබඳව ඇති දෘෂ්‍යතාව වඩාත් වර්ධනය කිරීමයි.

     

    තවද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ විධී නියෝගය ඉදිරියට ගෙනයාම සඳහා අයවැයෙන් සිදුකරන මුදල් වෙන්කිරීම් සමාචාලෝනය කිරීම සහ ඒ පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම ද ඇතුළුව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද මෙම සංසදය පෙනී සිටිනු ඇත.

     

    ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥල්තිය 1989 වර්ෂයේදී ඇතිකරන ලද්දකි. එතැන් පටන් මේ දක්වා රාජ්‍යයන් 194ක් එයට අත්සන් තබා ඇති අතර ඉතිහාසයේ වඩාත්ම පුළුල් පිළිගැනීමක් ලබා ඇති මානව හිමික්ම් ප්‍රඥප්තිය බවට එය පත් වී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya