මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට උපන්දින සුභ පැතුම්

    නොවැම්බර් 20, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් හා ඊයේ (18) දිනට යෙදී තිබුණ එතුමාගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (19) අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපතිතුමාට සුභ පැතූහ.

     

    ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා, ඌව පළාත් මහා මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන් මහතා, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාමසාමි මහතා, මිල්කෝ සමගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රංජිත් ඇල්ලේගල මහතා සහ මධ්‍යම පළාත් හා නගර සභා සාමාජිකයින් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    SDF

     

    Wishes1

     

    Wishes4

     

    Wishes3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya