මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ සභාවට දැනගැනීමට ඉදිරිපත් කළා

    නොවැම්බර් 20, 2014

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වගන්ති ප්‍රකාරව යම් පනතක් අභියෝගයට ලක් කළ විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා දැන ගැනීමට අවස්ථාව ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ සභාවට දැනගන්න ඉදිරිපත් කළ බවත් සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කළ යුතුයි. පළපුරුදු දේශපාලඥයෙක් වූ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න කටයුතු කළා. එම මතය විමසූ විට ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිතුමාට දැන්වීමට බැඳී සිටී. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දී ඇත. මම නඩු තීන්දුව කියෙව්වේ නැහැ. මා කීවේ ජනාධිපතිතුමාට තුන්වෙනි වර මැතිවරණයට ඉදිරිපත්වීමට නීතිමය බාධාවක් නොමැති බව එතුමාට දන්වා ඇති බවත් ඒ දැනුම්දීම හංගාගෙන සිටීමට අවශ්‍යතාවක් නැති බවත් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මේ ගැන පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාට ජනාධිපතිවරණය සඳහා තෙවරක් ඉදිරිපත් වියහැකි ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශකට පිළිතුරු දෙමිනි. 

    ඒ ගැන මේ සභාවට කීම මගේ රාජකාරියක් කියා මා සිතුවා. මා මගේ යුතුකම සභානායක වශයෙන් නිසි ලෙස ඉටු කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තහවුරුයි. පරස්පර නැහැ. ඔබේ නායකයාත් මේ ගැන පිළිගත්තා. එතුමාගේ දැනුවත් බව හා බුද්ධිමත් බව නිසා එය පිළිගත් අතර ඔබටත් පිළිගත හැකියි. සමහරුන් බොහෝ දේ ගැන සැක කරනවා. එය මානසික රෝගයක් බවත් මෙතැන කිසිදු සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya