මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෑන්පවර් සේවක පිරිසගේ ස්වාමීත්වය හිමි වෙනත් ආයතනයකටයි

    නොවැම්බර් 20, 2014

    මෑන්පවර් සේවකයන් ලෙස හඳුන්වන පිරිසගේ ස්වාමීත්වය ඇත්තේ වෙනත් ආයතනයක බවත් ඒ පිළිබඳ නීතිමය ප්‍රතිපත්තියක් හදන්න කටයුතු කරන බවත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.


    ජාතික සේවක සංගමය හා වෘත්තීය සංගම්වලට මෙන් ම වෘත්තීය සමිති උපදේශක කාරක සභාවට ද අදාළ ප්‍රතිපත්තියේ සංශෝධිත කෙටුම්පතක් ලබා දී ඇති බවත් මෑන්පවර් සේවක පිරිස විශාල ප්‍රශ්නයක් බවත් ඔහු කීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රජයේ හා පෞද්ගලික ආයතනයකට තාවකාලික සේවක පිරිස් බඳවා ගන්නේ නම් අදාළ ආයතනයේ පිරිස් බලය සැලකිල්ලට ගෙන බඳවා ගැනීම් සිදු කරනු ලබයි. අද රාජ්‍ය ආයතනවල බඳවා ගන්නා ලද අනියම් සේවකයන් ස්ථිර කරන්න කටයුතු කරමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya