මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නකල්ස් වන රක්ෂිතයේ එනසාල් වගාවේ නිරත පවුල් පදිංචි ව නෑ

    නොවැම්බර් 20, 2014

    නකල්ස් වන රක්ෂිත ප්‍රදේශයේ එනසාල් වගාවේ නිරත පවුල් පදිංචි ව නැති බවත් නකල්ස් ලෝක උරුම රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා එහි වගා කිරීම හා අස්වනු නෙළීම තහනම් කර ඇති බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එනසාල් ඉතා සුළුවෙන් ඉන්දියාවන් ආනයනය කරනු ලබයි. 2014 සැප්තැම්බර් මස දී කිලෝ ග්රෑම් 17,515ක් ආනයනය කර ඇත. එනසාල් වගාව සිදු කළ අය පූර්ණ වශයෙන් එහි වගා කටයුතුවල නිරත අය නො වේ. එනසාල් වෙනුවට වෙනත් බෝග වගා හඳුන්වා දෙන්න මේ දිනවල පර්යේෂණ සිදු කරයි. ඒ හරහා වගාකරුවන්ට නව බෝග හඳුන්වා දෙන්නත් නකල්ස් ආශ්‍රිත වන පෙදෙසේ වගාකරුවන්ට විකල්ප ප්‍රදේශ හඳුන්වා දෙන්නත් කටයුතු කරනවා. එනසාල් වගාව සඳහා පසුගිය කාලයේ වැළඳුණු රෝගය නිසා නිෂ්පාදනයේ අඩුවක් සිදු වූ බවත් රෝගය මර්දනය කර නැවත ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya