මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේලයින් බෝතල් ලක්ෂ 54ක් ආනයනය කරනවා

    නොවැම්බර් 20, 2014

    මෙරට සේලයින් අවශ්‍යතාව සපුරාලීම සඳහා සේලයින් බෝතල් 5,431,704ක් ආනයනය කරන බවත් 2013 වසරේදී සේලයින් ආනයනය සඳහා රුපියල් මිලියන 271ක් වැය කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙරට සේලයින් නිෂ්පාදනයක් සිදු නො වේ. ඒ සඳහා ආයෝජකයන්ට ආරාධනා කර ඇතත් සේලයින් නිෂ්පාදනය ලංකාවේ පරිභෝජනය ඉක්මවුව හොත් අතිරික්තය විදේශ වෙළෙඳපොළට සැපයිය යුතු නිසාත් එහි ඇති තරගකාරිත්වය නිසාත් ලංකාවේ මේ සම්බන්ධයෙන් ආයෝජනයක් කරන්න මැලිවන බවත් ඔහු  සඳහන් කළේය.

    දැනටමත් ආයෝජන ව්‍යාපෘති ලැබී ඇත. සේලයින් නිෂ්පාදනය ලංකාවෙන් පිටරට යවන එක ගැටලුවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya