මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සුරක්‍ෂිත තිරසාර ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියකට ශී‍්‍ර ලංකාව කැපවෙනවා - ජනපති

    නොවැම්බර් 20, 2014

    තිරසාර සංවර්ධනය දේශගුණ විපර්යාස සහ පරිසරය පිළිබඳ ජාතික සහ අන්තර් ජාතික ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේ දී ආසියාව පූර්වාදර්ශ ගෙන දීමට සමත් විය යුතුය යන්න ඊයේ (19) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති අටවන පාරිසරික තිරසාර ප‍්‍රවාහනය පිළිබඳ කලාපීය සමුළුව ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවුඩය පරිසර හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

    එහිදී අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් ලොවට, විශේෂයෙන් ම ආසියානු කලාපයට අතිශයින් වැදගත් වන මෙම සමුළුවට සහභාගි වන ඔබ සැම පිළිගැනීමට ලැබීම තමාට අත් වූ ගෞරවයක් බවයි. පරිසර සුරක්‍ෂිතභාවය සහ තිරසාර ප‍්‍රවාහන සංවර්ධනය යන පුළුල් විෂයට සම්බන්ධ සම්භාවනීය විශාරදයින් විශාල සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගි වීම සඳහා කොළඹට පැමිණ සිටීම අප රටට අත්වූ ගෞරවයක් වන අතර, එයින් මෙයට අදාළ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ලොව පුරා පවතින දැඩි උනන්දුව ද පිළිබිඹු වේ යන්නයි.

     

    ජනාධිපතිතුමාගේ සම්පූර්ණ පණිවුඩය ඔබ වෙත දැන් ඉදිරිපත් කරමි.

     

    පරිසරය සුරක්‍ෂිත කිරීම සහ අනාගතයේදී පිවිතුරු වාතාවරණයක් සහතික කෙරෙන පරිදි ප‍්‍රවාහන ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඔබ සැම පුළුල් ලෙස විග‍්‍රහ කිරීමට මෙම අවස්ථාව උපයෝගී කර ගන්නා බව මට විශ්වාසයි.

     

    නූතන සියවස ආසියාවේ ශත වර්ෂය ලෙස පිළිගැනුමට ලක්ව ඇති නිසා මෙම සමුළුව අප කලාපයට වඩාත් වැදගත් වේ. ඒ අනුව තිරසාර සංවර්ධනය දේශගුණ විපර්යාස සහ පරිසරය පිළිබඳ ජාතික සහ අන්තර් ජාතික ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ආසියාව පූර්වාදර්ශ ගෙන දීමට සමත් විය යුතුය.

     

    ප‍්‍රවාහන කටයුතුවලදී වාතාශ‍්‍රය පිරිසිදු ගුණාත්මක බව සහතික කිරීම සහ තිරසාර පාරිසරික සුරක්‍ෂිත බව ඔබගේ සාකච්ඡා න්‍යායපත‍්‍රයේ ප‍්‍රධාන විෂයක් බව මට දක්නට ලැබුණි. අද ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ආසියාවට මේ විෂය කෙරෙහි මූලික අවධානයක් දැක්වීමට සිදු ව ඇත්තේ අප කලාපය ශීඝ‍්‍රයෙන් නාගරිකරණය වෙමින් වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබමින් පවතින බැවින් කර්මාන්තකරණයත් ප‍්‍රවාහන සේවාවනුත් වේගයෙන් වර්ධනය වන බැවිනි.

     

    සම්මේලනයේ තේමාව වන ‘ආසියානු කලාපය තුළ පිරිසිදු වාතය සහ තිරසාර ප‍්‍රවාහන ක‍්‍රම තුළින් සෞඛ්‍යමත් සමාජයක් බිහිකරලීම උදෙසා වූ මීළඟ පරපුරෙහි විසඳුම්’ යන්න අතිශයින් කාලෝචිතය. එම තේමාවේ අඩංගු දෙවන කොටස වන ‘ජීවත් වීමට වඩා සුදුසු ආසියානු සමාජය’ යන්න අපට වඩාත් වැදගත් වන්නේ අද ආසියාව පෙර නොවූ විරූ වේගයකින් සංවර්ධනය වන බැවිනි. එහෙත් බටහිර ලෝකයේ සංවර්ධනයේ දී අනුගමනය කළ වැරදි ක‍්‍රමෝපා ද අනුකරණය නොකිරීමට අප වගබලාගත යුතුය. යටත්විජිත යුගයේ දී අනුගමනය කළේ බටහිර ආයෝජකයන්ගේ උවමනා එපාකම්වලට ප‍්‍රමුඛත්වය දෙන පිළිවෙතයි. අප එය අනුකරණය නොකර අප ජනතාවගේ සහ අප සමාජයන්ගේ යහපතට ප‍්‍රමුඛත්වය දිය යුතුය.

     

    ආසියාවේ වත්මන් මෝටර්රථකරණය හා ප‍්‍රවාහන ක‍්‍රියාකාරකම් විශාල වශයෙන් පදනම් වන්නේ පොසිල ඉන්ධන මතය. අපට තිබෙන ගතානුගතික ප‍්‍රවාහන ක‍්‍රම වාහන තදබදයටල වාතය හා ශබ්ද දූෂණයට, වාහන තදබදයෙන් සිදුවන අනතුරු හා මාරක විපත්වලට විශාල ලෙස දායක වෙයි. අප සංවර්ධනය තුළින් වැඩි දියුණු කිරීමට අපේක්‍ෂා කරන ජනතාවගේ සෞඛ්‍යය හා සුරක්‍ෂිතභාවය මෙන් ම ජීවිතයේ සමස්ත ගුණාත්මකභාවයට මේවා සම්බන්ධ වන හෙයින් මේවා අපේ සමාජයයන්වලට බරපතල කරුණු ය. අප ආශ්වාස කරන වාතයට කෙරෙන හානියට අමතරව මේවා ප‍්‍රවාහනයේ ඉහළයන ප‍්‍රමාදයන් හේතුවෙන් අහිමි වන ආර්ථික අවස්ථා හා අපේ ආර්ථිකයන්වල ඉහළ වියදම් දරමින් ඉන්ධන ගැලුම් බිලියන ගණන් අපතේ යාමට හේතු වෙයි.

     

    ආසියානු කලාපයේ වායු දූෂණයේ විපාක පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන මෙමඟින් අපේ සමාජයන්වලට එල්ල කරන අභියෝගය වැළැක්වීමට ඉක්මනින් ක‍්‍රියාමාර්ග ඉල්ලා සිටියි. ගිනිකොන දිග ආසියාවේ හා බටහිර ශාන්තිකර කලාපයේ එළිමහන් වායු දූෂණයෙන් වාර්ෂිකව අකල් මරණ මිලියන 2.6ක් සිදු කරන බව එම සංඛ්‍යාලේඛන පවසයි. වායු දූෂණයෙන් අහිමි වන ජීවිතවල වටිනාකම දළ ගෘහස්ත නිෂ්පාදිතයේ 2.4%කට සමාන වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි. එමෙන්මල මහ මඟ වාහන අනතුරුවලින් සිත් කම්පනය කරන සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්වන බව අපි දකිමු. එය සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු වන 90%ක් මාර්ග අනතුරු විපත් සමඟ ලොව පුරා මිලියන 1.4ක් බව තක්සේරු වී ඇත. මෙය අපේ ජාතීන් හා සමාජයයන්වලට අවදානම ඉහළ නංවන භයානක පාවෙන අයිස් කන්දක පෙනෙන මුදුන පමණි.

     

    ඔබ හිතකර වායු තත්ත්වයන් හා පාරිසරික තිරසාර ප‍්‍රවාහනය පිළිබඳ සාකච්ඡා කිරීමට එක් රැස්වී සිටින්නේ දේශගුණ විපර්යාසය හා ලෝකය උණුසුම් වීමට මඟපාදන ලෝක හරිතාගාර වායු මෝචනය ආසියාවේ ප‍්‍රවාහනයෙන් වන දහනයන් සුවිශේෂී දායකයෙකු වී සිටින අවදියක ය. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් තනි විශාලතම හරිතාගාර වායු මෝචනයට හේතු වෙමින් 2035 වනවිට ලෝක දහනයන්ගෙන් 46%ක් සඳහා හේතුව ප‍්‍රවාහනය වන බව අධ්‍යයනයන් විසින් පෙන්වා දී ඇත . එහෙයින් මෙය වඩා හොඳින් පාලනය කිරීම සහතික කිරීමට අධිෂ්ඨානශීලී ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම අවශ්‍යයි. මක් නිසාද මෙමඟින් මානව සෞඛ්‍යය හා සුරක්‍ෂිතභාවය, ඉන්ධන ආරක්‍ෂාව, දේශගුණයෙන් හට ගන්නා ස්වාභාවික ව්‍යසන යන මේ සියල්ලට ඇති කරන තර්ජනය දැන් අති විශාල වර්ධනයේ හිනිපෙත්තෙහි සිටින ආසියානු කලාපයේ අභිවෘද්ධියට විශාල අභියෝගයකි.

     

    මේවා ප‍්‍රමාද විය හැකි විසඳුම් සඳහා කරුණු නොවේ. දේශගුණික විපර්යාසයේ අනතුරු පිළිබඳ විද්‍යාවේ සොයා ගැනීම් හා ඉදිරියෙහි සැඟවී තිබෙන අනතුරු වැළැක්වීමට හෝ මර්දනය කිරීමට හැකි විසඳුම් දෙස අපි තව තවත් බැලිය යුතුය. නිව්යෝර්ක් හි නොබෝදා පැවති ලෝක දේශගුණ සමුළුවේ දී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට පිරිසිදු සංවර්ධන යාන්ත‍්‍රණයක අත්‍යවශ්‍යතාව සංවර්ධිත රටවල් සඳහා තිබේ. ඒ මෙම ගැටලුවලට මුහුණ දීමට මූල්‍ය උපකාරල තාක්‍ෂණික සංවර්ධනය හා හුවමාරුව සපයමින් මෙන් ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ශක්‍යතාව ගොඩ නංවමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට තම කැපවීම ක‍්‍රියාවට නැංවීමටය.

     

    ආසියානු සහයෝගීතාවේ සැබෑ ජීව ගුණයෙන් මෙම අභියෝගවලට මුහුණ දීමට ආසියානුවන් ලෙස අපේ ම මුලපිරීම් පිළිබඳ අද ඔබ සාකච්ඡා කිරීම පිළිබඳ මම සතුටු වෙමි. අධ්‍යයනය කිරීමේ අවශ්‍ය අංග වන නාගරික සංවර්ධනය, නාගරික වර්ධනයේ යථාර්ථයන්, ප‍්‍රවාහන පුළුල් කිරීම හා ඉඩම් පරිහරණය කිරීමේ මූලාංක පිළිබඳ අවශ්‍යතාව සිතේ තබා ගනිමින් තව තවත් නවීන හා වඩා දැකුම්කළු විසඳුම් උපයෝගී කර ගැනීමේ අවශ්‍යතාව හිතකර වායු හා ප‍්‍රවාහනයේ විශේෂ අංග තුළ ඇත. මේ ගැටලු පිළිබඳ නිසි අධ්‍යයනය අපේ නගර හා රටවල් තුළ පරිසර හිතකාමී ප‍්‍රවාහනයේ අරමුණු ළඟා කර ගැනීමට දායක වනු ඇත.

     

    තිරසාර නොවූ පරිභෝජනය හා නිෂ්පාදන ක‍්‍රියාකාරීත්වයන් හැකි බොහෝ මෙවලම් අතර හරිත ආර්ථිකයකට මාරු වීමේ අවශ්‍යතාව තිබෙන බව අපේ අදහසයි. එමෙන් ම එය රටක සමාජ හා ආර්ථික සංවර්ධනයේ වර්ධනය මන්දගාමී කිරීමට නිෂේධනීය පොදු භාවයන් උත්පාදනය නොකළ යුතුය.

     

    වායු තත්ත්ව හා ප‍්‍රවාහනය පිළිබඳ මෙම ඒකරාශී අංගයේදී ඔබේ සාකච්ඡාවන් හි පැහැදිලි අරමුණක් ඔබට ඇත. ඔබ තවමත් සිටින්නේ පරිසරය ආරක්‍ෂා කිරීම සමඟ ආසියානු ජාතීන්ගේ වර්ධනය සහතික කිරීමේ උභතෝකෝටියක් මධ්‍යයේය. මෙය ඔබේ සාකච්ඡාවන්ට බලපාන, අද ලෝකය මුහුණ දෙන අභියෝගයකි.

     

    තනිවම ලාභ ලැබීමේ අරමුණ විසින් පොළඹවන ලදුව, දේශගුණ විපර්යාසය පිළිබඳ විද්‍යාවේ සොයා ගැනීම් පිළිගැනීම සංවර්ධිත ලෝකයේ බොහෝ නායකයින් ප‍්‍රතික්ෂේප කරමින් සිටින අවදියක මෙම පරීක්‍ෂාකාරීත්යන් හි දී ඔබ මුහුණ දෙන අභියෝගයට මම ඊර්ෂ්‍යා නොකරමි. ආසියානු කලාපයේ හිතකර වායුව සහතික කිරීමේ හා අවශ්‍යයෙන් ප‍්‍රවාහනය පිළිබඳ ක‍්‍රම හා ප‍්‍රතිපත්ති මත විප්ලවකාරී වෙනස්කම්වල පවා නිවැරදි දිශාවන්ට ඔබේ සිතිවිලි යොමුවන බව මට විශ්වාසය.

     

    දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් වන සෑම අංශයක් කෙරෙහි ම අවධානය යොමු කෙරූ දේශගුණික වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් ආණ්ඩු මණ්ඩලයේ මෑත කාලීන වාර්තාවේ තිබෙන සොයා ගැනීම් වර්තමානයේ දී ඔබලාට ප‍්‍රධාන වාසිදායක කරුණකි. එහි ප‍්‍රථමවරට ප‍්‍රකාශකර සිටින්නේ දේශගුණික වෙනස්වීම් ආර්ථිකමය වශයෙන් දරාගත හැකි විය යුතුවා සේ ම ලෝක දරිද්‍රතාව අඩු කරගත හැකි වන්නේ ගෝලීය උණුසුම් වීමට විරාමය තැබීමෙන් පමණක් ම බවය. දේශගුණික වෙනස්වීම් සම්බන්ධව ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයන් ගත යුතු තීරණාත්මක අවස්ථාවක මෙම වාර්තාව එළිදක්වා තිබේ. ආසියාව පිළිබඳ මූලිකව ම අවධානය යොමු කරමින්, හිතකර වායු තත්ත්ව හා පාරිසරික තිරසර ප‍්‍රවාහනය පිළිබඳ සැලකිල්ලට බඳුන් කරමින් පවත්වන මෙම පැහැදිලි ඓතිහාසික සමුළුවේදී සාකච්ඡාවට බඳුන් කිරීමට තීරණය කෙරූ අභියෝගයන් විසඳීමේ ක‍්‍රියාවලිය මෙම වාර්තාව මඟින් වඩා ශක්තිමත් කළ යුතුය.

     

    සම්භාවනීය අමුත්තනි

     

    සොබා දහමට ඉහළ ම ආදරය හා ගෞරවය දක්වන සංස්කෘතියක් හිමි සහ සුන්දරත්වයේ හා මිත‍්‍රත්වයේ භූමියක හමු වන ඔබ සැම තිරසාර සංවර්ධනය සඳහා වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තීන් පිළිබඳ දැනගැනීම පිණිස ලැදියාවක් ඇතැයි මම කල්පනා කරමි. ප‍්‍රවාහනය සඳහා විශේෂ අවධානය යොමු කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට සිදු කරන ලද සැලකිය යුතු අන්දමේ කාර්යභාරයන් හේතුවෙන් ආසියාවේ පිබිඳෙන රටක් ලෙස පසුගිය වසර 8ක කාලය තුළ අපගේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වර්ධනය කර ගැනීමට හැකි ව තිබෙනවා. එහෙත් අපගේ ඒක පුද්ගල කාබන් විමෝචනය තවමත් මෙට්රික් ටොන් එකකට වඩා අඩු වන අතර අපගේ බලාපොරොත්තුව වන්නේ ද එය හැකිතාක් දුරට අවමය තබා ගැනීමයි.

    රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වන මහින්ද චින්තනය ජාතික විදුලි පද්ධතියට ගතානුගතික නොවන හා පිළිසකර කළ හැකි බල ශක්තිය සැපයීම ඉහළ දැමීම හා විශේෂයෙන් හරිත ප‍්‍රවාහන පද්ධතියක් හා ඉන්ධන තත්ත්ව මාර්ග සැලැස්මක් ක‍්‍රියාවට නංවමින් දේශගුණ විපර්යාසයට ආමන්ත‍්‍රණය කිරීමට බලාපොරොත්තු වෙයි.

     

    දහනය පහත හෙළීමටල දේශගුණික සුනම්‍යතාව ශක්තිමක් කිරීමට මෙන්ම විද්‍යාවේ සොයා ගැනීම් හා නිර්දේශයන්ට අනුව ලෝක උෂ්ණත්වය ඉහළ යාමට එරෙහි ව සටන් කිරීමට අපේ සාධනීය දායකත්වය සැපයීම සඳහා වූ දේශපාලන අභිප‍්‍රායේ විශ්වාසය ලැබීමට අපි උපාය ක‍්‍රම මත ක‍්‍රියා කරමින් සිටින්නෙමු.

     

    මෙම ප‍්‍රතිපත්තීන් අපගේ සංස්කෘතික සම්ප‍්‍රදායන් හා බැඳී පවතී. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ වසර 2300කට පෙර අපගේ දිවයිනට බුදු දහම රැගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේගේ වටිනා උපදෙස්වල ආභාෂය අපගේ සංස්කෘතික සම්ප‍්‍රදායන් නිර්මාණයේදී ලැබී ඇත. රටේ පාලකයින් අනාගත පරපුර උදෙසා පරිසරය ආරක්‍ෂා කරනු ලබන සොබා දහමේ තාවකාලික භාරකරුවන් පමණක් බව එම අවවාදයන් තුළ සඳහන් ව තිබේ.

     

    වඩාත් තෘප්තකර හා විශාල ලෙස ප‍්‍රතිඵල ඇතිවන තීරණයන් ඔබලාගේ වැදගත් ප‍්‍රකල්පනයන් තුළ ඇතැයි මම විශ්වාස කරමි. ශ‍්‍රී ලංකාවල මෙවැනි සමුළුවකට සත්කාරකත්වය සැපයීමට ඉඩ සලසාදීම පිළිබඳ මම පිලිපීන පිරිසිදු වායු සංගමයට, එක්සත් ජාතීන්ගේ කලාප සංවර්ධන මධ්‍යස්ථානයට, ශ‍්‍රී ලංකා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සහ ප‍්‍රවාහන අමාත්‍යංශය සමඟ එක්ව මෙම වැඩසටහන සම සංවිධානය කළ ජපාන පරිසර අමාත්‍යංශයට ස්තූතිවන්ත වෙමි.

     

    අද දින ඔබලා සමඟ සහභාගී වීමට නොහැකි වීම පිළිබඳ මම අතිශය කණගාටුවට පත්වෙමි. සමුළුවට සහ ඒ හා සම්බන්ධිත කාර්යයන් සෑම අතකින්ම සාර්ථක වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි.

     

    ඔබ සැමට තෙරුවන් සරණයි.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya