මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්පත්වාසීන් දේශපාලන අරමුණු සහ වැරදි කි‍්‍රයාකාරකම් සඳහා යොදාගත් යුගය අවසන් කළා

    නොවැම්බර් 20, 2014

    කොළඹ පැල්පත්වාසී ජනතාව දේශපාලන අරමුණු සහ සමාජයේ වැරදි කි‍්‍රයාකාරකම් සඳහා පමණක් යොදාගත් යුගය වත්මන් රජය විසින් අවසන් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    මැතිවරණ ළඟාවන විට තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැමුන් ඔවුන් භාවිත කළ අතර සමාජයේ වැරදි කි‍්‍රයාකාරකම් සඳහා ද එම ජනතාව නිරන්තරයෙන් ම භාවිත කෙරිණි.

     

    එම යුගය අවසන් කළ වත්මන් රජය අද එම ජනතාව වඩා පහසුකම් සහිත නිවාසවල පදිංචි කරවමින්, ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී සමාජයට වැඩදායි දරු පිරිසක් ලෙස ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ මට්ටක්කුලිය, මාදම්පිටිය ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ 'රන්දිය උයන' විසල් නිවාස ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පවරා දෙමිනි.

     

    රට සංවර්ධනය කිරීමේ දී හෝ ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමේ දී රජය කිසිවිටෙකත් පක්ෂ, පාට ජාති, ආගම් බේද නොසැලකූ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එකම අරමුණ වන්නේ රටේ සියලු ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබාදීම බව ද පැවසීය.


    NDH/priu

    Randiya Uyana New Housing Scheme declared open by the President 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya