මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළියන්දල අතුරු මාර්ගය‍ ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 19, 2014

    ත‍්‍රස්තවාදය අවසන් කර යෝධ සංවර්ධනයක් රටට ලබා දුන් රජය මහා මාර්ග ක්ෂේත‍්‍රයේද දැවැන්ත විප්ලවයක් සිදු කළා - ජනපති පිළියන්දල දී කියයි

     
    (දෙවන යාවත්කාලීන කිරීම) වත්මන් රජය රටට සම්පත් එකතු කළා මිස සම්පත් විකුණා දැමීමට කිසිදු අවස්ථාවක කටයුතු නොකළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    අලුත් වරායන්, ගුවන්තොටුපොළ, අධිවේගි මාර්ග, රෝහල්, මහින්දෝදය විද්‍යාගාර මේ සියල්ල හරහා රටට මිල කළ නොහැකි වටිනාකමක් ලබාදී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය මෙතෙක් කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් බව ද කියා සිටියේ ය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ පිළියන්දල නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට පවතින වාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු පිළියන්දල අතුරු මාර්ගය ඊයේ (18) පස්වරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.

     

    දශක තුනක කුරිරු ත‍්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කර දැමූ රජය වසර හතරක් වැනි කෙටි කලක් තුළ රටට යෝධ සංවර්ධනයක් ලබා දුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මහා මාර්ග ක්ෂේත‍්‍රයේ ද අද දැවැන්ත විප්ලවයක් සිදුවී තිබෙන බව කියා සිටියේ ය.

     

    රජය ලබාගත් මෙම ජයග‍්‍රහණ ආපසු හැරවීමට දෙස්, විදෙස් බලවේග අද උත්සාහ දරයි. එම බලවේගවලට ඉඩ නොතබා සියලු දෙනා එක්ව දිනූ නිදහසද රැකගනිමින් රට ඉදිරියට ගෙන යාමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.


    පිළියන්දල නගරයේ වාහන තදබදය අඩුකිරීමට අලුතින් ඉදිවන කැස්බෑව - පාමංකඩ මහාමාර්ග ව්‍යෘපෘතියට අනුබද්ධව මේ අතුරු මාර්ගය ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 800ක් වැය කර ඇත. නව අතුරු මාර්ගයේ දිග කිලෝ මීටර් 3කි. පළල මීටර් 23කි. සම්පූර්ණ මාර්ගය මංතීරු 4කි. දෙපස බයිසිකල් මංතීරු දෙකකි. පාලම් 05කි. බෝක්කු 20කි. හරිත කලාපයක් හරහා මාර්ගය ඉදිකර තිබීම ද විශේෂත්වයකි.

    නව විකල්ප මාර්ගයේ මාර්ග සංඥා පද්ධති 4ක් සවිකර තිබේ. කැස්බෑව, කොට්ටාව- පිළියන්දල මාර්ගය, පිළියන්දල - මහරගම මාර්ගය හා ජාලියගොඩ එම ස්ථාන වේ. මෙම ඉදිකිරීමෙන් පසු කැස්බෑව හා ජාලියගොඩ මංසන්ධි සංවර්ධනය වනු ඇත.

    ප්‍රදේශයේ ජනතාව අතිවිශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටි අතර ඔවුන් මහත් හරසරින් යුතු ව ජනාධිපතිතුමාව පිළිගත්හ.

    ප්‍රදේශවාසීන්ට වියළි ආහාර සලාක බෙදාදීම සහ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු බෙදාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    දිවි නැඟුම ප්‍රජාමූල බැංකුවේ ලාභාංශ බෙදාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කළ අතර මේ අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිරිනැමීය.

    අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, නිර්මල කොතලාවල, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

     

    022

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya