මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේවාවිතාරණ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාපීඨය ජනපති අතින් සිසු අයිතියට

    නොවැම්බර් 19, 2014

    රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාපීඨය අද (19) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම පුනර්ජීවන වැඩසටහනට අනුව මෙරට අධ්‍යාපනයේ  දැවැන්ත සංවර්ධනාත්මක හැරවුමක් නිර්මාණය කිරීමේ එක් පියවරක් ලෙස දිවයින පුරා පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යාපීඨ 250ක් ඉදිකෙරේ.

    අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණවේදය විෂයධාරාව හදාරණ සිසුන්ට ඉංජිනේරු හා ජෛව පද්ධති තාක්ෂණයට අවශ්‍ය පහසුකම් සැලසීම මේ විද්‍යාපීඨ ආරම්භ කිරීමේ අරමුණ වන අතර මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 65කි.

    තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද  නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

    මෙහිදී විද්‍යාලයේ සිසු දරුවන් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් ද විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය හා ආදි සිසුහු, දෙමාපියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    021

     

    031

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya