මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනුම සොයා විදේශගත වූ යුගය අවසන් - ජනපති

    නොවැම්බර් 20, 2014

    විශ්වවිද්‍යාල අහිමි වූ දරුවන් දැනුම සොයා විදේශගත වූ යුගය අවසන් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. රට දැනුමෙන් හා නිපුණත්වයෙන් දියුණු වන ආර්කථියක් කරා මෙහෙයවීමට රජය කටයුතු කරමින් සිටින බව ද එතුමා කියා සිටියේය.


    ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරයේ පිළිගත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. විදේශ සිසුන් පවා එම පාඨමාලා හැදෑරීමට පැමිණෙන බවරාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    බොරලැස්ගමුව, වේරහැර ස්ථාපිත කර ඇති මහල් 06 කින් සමන්විත ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ගොඩනැගිල්ල ඊයේ (19) පස්වරුවේ ජනාපධිති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කරන අවස්ථාවේ මේ බව පවසා සිටියේය.

    අධ්‍යාපනයේ ප‍්‍රගතිය රටේ ආර්ථිකයට පමණක් නො ව කීර්තියට ද හේතු වී ඇති බව ජනාපධිතිතුමා පෙන්වාදුන්නේය.

    ජනතාවට මූලික අවශ්‍යතා සහ යටිතල පහසුකම් ලබාදෙමින් ආර්ථිකයේ ප‍්‍රගතියක් ඇතිකර තිබෙන ආකාරය ද ජනාධිපතිතුමා පැහැලිදි කළේය. මානව සම්පත් සංවර්ධනයට ගෙන තිබෙන වැඩපිළිවෙළ වඩාත් වැදගත් බවත් රාජපක්ෂ මැතිතුමා මෙහිදී පැවසීය.

    අනාගත ලෝකයේ ප‍්‍රාග්ධනය වන්නේ දැනුම බව ද ජනාපධිතිතුමා පෙන්වා දුන්නේය. 

    මෙදින ම රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේ සමාජයේ ඉහළට යාමට ඇති එක ම මාවත අධ්‍යාපනය බවයි.

    දරුවන්ගේ ජීවිත ගොඩනැංවීම සඳහා තාක්ෂණ අධ්‍යාපනය ඉතා වැදගත් බව ද රාජපක්ෂ මැතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya