මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනය සමරා ත්‍රිවිධ හමුදාවෙන් දන්සැලක්

    නොවැම්බර් 19, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව විසින් සංවිධානය කළ දන්සැලක් ඊයේ (18) බැස්ටියන් මාවත පාවෙන වෙළෙඳ සංකීර්ණයේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා 20,000කට අධික පිරිසක් සහභාගි වී ඇත.
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ආහාර බෙදීමේ කටයුතු සඳහා ද සහභාගි විය.
     
    මෙම අවස්ථාවට දේශීය ජනතාව මෙන් ම විදේශීය සංචාරක පිරිස් ද සහභාගි වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya